වතු හාම්පුතුන් සහ කම්කරු අමාත්‍යාංශයේ නිලධාරීන් අතර මෙම සාකච්ඡාව පැවැත්වෙන්නේ කම්කරු අමාත්‍යාංශයේදියි.
මෙහිදී පඩි පාලක සභා මගින් දැනට අනුමත කර ඇති රුපියල් දහසේ වතු කම්කරු වැටුප පිළිබදව හාම්පුතුන්ගේ සංගම්වල අවසන් තීන්දුව විමසා බැලීමට නියමිතයි.
පසුගිය දා රැස්වූ පඩි පාලක සභා මගින් වතු කම්කරුවන්ට රුපියල් 900ක මූලික වැටුපක් සහ රුපියල් 100ක දීමනාවක් ලබාදීමට තීරණය කර ඇත.
වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කිරීම සම්බන්ධයෙන් පසුගිය කාලයේදී සාකච්ඡා වට කිහිපයක් පැවතුණද හාම්පුතුන්ගේ සංගමය ඊට එකඟතාව පළ කළේ නැහැ.
මෙම තත්ත්වය හමුවේ වතු කම්කරුවන් එක්දින වර්ජනයකද නිරත වූ අතර ඉන් අනතුරුව කම්කරු අමාත්‍යාංශය වතු කම්කරු දෛනික වැටුප සම්බන්ධයෙන් තීරණය කිරීමේ බලය පඩි පාලක සභාව වෙත පවරනු ලැබුවේ.
-පංචාලි අබේසේකර