මෙම තීරණය ගෙන ඇත්තේ නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරිය විසිනි. මෙය ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ මැදිහත්වීමෙන් සිදු කිරීමට නියමිතයි.
ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සිදුවන වනාන්තර විනාශය නතර කිරීම සදහා අවශ්‍ය තීරණ ගැනීමේ සාකච්ඡාවක් ආණ්ඩුකාරවරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
ආරක්ෂක අංශ ප්‍රධානීන් එම සාකච්ඡාවට සහභාගී වුණා. වන විනාශයන් පිලිබද දැනුවත් කිරීම සදහා ක්ෂණික ඇමතුම් අංක ප්‍රදර්ශනය කෙරෙන පුවරු සවි කිරීමට ද තීරණය කෙරුණා.
එම පුවරු නිල වශයෙන් එළිදැක්වීම ද මෙහිදී සිදු කෙරුණා. වනාන්තර සහ පුරා විද්‍යා ස්ථාන විනාශ කරන පුද්ගලයන්ට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි අනුරාධා යහම්පත් මහත්මිය උපදෙස් ලබා දුන්නේ.