මෙහිදී ගුවන් මගීන් 1,736 දෙනෙකුට ගුවන් පහසුකම් සලසා දීමට පියවර ගෙන ඇති බවයි එහි කාර්යභාර නිලධාරීවරයා සඳහන් කළේ.
ඒ අනුව සෞදි අරාබියේ සිට 105 දෙනෙකු, දෝහා සිට 70 දෙනෙකු සහ සිංගප්පූරුවේ සිට 89 දෙනෙකු දිවයිනට පැමිණ ඇත. එලෙස දිවයිනට පැමිණි පිරිස් නිරෝධායන ක්‍රියාවලිය සඳහා යුද හමුදාව මඟින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබේ.
මේ අතර එම කාලය තුළ ගුවන් යානා 16කින් මගීන් 1,050 දෙනෙකු විදෙස් රටවල් බලා පිටව ගොස් ඇති බව ගුවන් තොටුපොළ කාර්යභාර නිලධාරීවරයා සඳහන් කළේය.
-පංචාලි අබේසේකර