ජනතා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා වන දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීම්වලට තීරණ ගැනීමේ බලය ඇති නිලධාරීන් අනිවාර්යයෙන් සහභාගී විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කරයි.

ඉදිරි වසර 3තුළ කැකුළු, නාඩු සහ සම්බා සහල්වල මිල රුපියල් 100ට වඩා වැඩිවීමට ඉඩ නොතබන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කර තිබේ.

ඝන අපද්‍රව්‍ය විදුලි බලාගාර දෙකක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කළා.

පාස්කු බෝම්බ ප්‍රහාර මාලාවේදී ප්‍රහාරයෙන් මියගිය අයකු වෙනුවෙන් රුපියල් ලක්ෂ දහයක වන්දියක් රජය මගින් ගෙවා ඇත. ඉන් තුවාල ලැබූ 506 දෙනා වෙනුවෙන් ලක්ෂ 810 ක් (81062500) මුදලක් අවශ්‍ය කර ඇති බවත් වාර්තාවේ.

වනජීවීන් ඇතුළු රක්ෂිත භූමි ප්‍රදේශ දැඩි අවදානමකට ලක්ව ඇති බව සඳහන් කරමින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සමස්ත ලංකා වනජීවී නියාමක නිලධාරීන්ගේ සංගමය ජනාධිපතිවරයා වෙත ලිපියක් යවා තිබේනවා.

ගෝලීය ත්‍රස්ථවාදී සංවිධානයක් වන ඉරාකයේ ඉස්ලාමීය රාජ්‍යය(ISIS) සහ ලෙවන්ට්-කොරාසන්ගේ (ISIL-K) නව නායක ෂිහාබ් අල්-මුජාජීර් ඉන්දියාවේ, ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය, මාලදිවයින, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව යන රටවල, මෙහෙයුම් ප්‍රධානියා ලෙස කටයුතු කරන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරයි.

වසර 5කට පසු අඩුම ඩෙංගු රෝගීන් වාර්තා වී ඇත්තේ පසුගිය වසරේ දී බව ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කර තිබේ.

මෙරටට පැමිණීම අත්හිටුවා තිබූ ගුවන්සේවා දෙකක් නැවත මෙරටට පැමිණීම අරඹා තිබේනවා.

ld add copy

Latest News

සරසවි ආචාර්යවරු අද වර්ජනයක

සරසවි ආචාර්යවරු අද වර්ජනයක

විශ්වවිද්‍යාලවල පවතින ආචාර්යවරුන්ගේ හිඟය සහ කලක සිට පවතින තවත් ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් සියලු ර...

Connet With Us