පාස්කු වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කෙරේ

Published in පුවත්
Tuesday, 23 February 2021 09:45

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට අද (23 වැනිදා) ඉදිරිපත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් රැස් වූ ඇමැති මණ්ඩලය ඊයේ (22 වැනිදා) රාත්‍රියේ තීරණය කළේය.

මෙම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසට කාදිනල් හිමිපාණන් ඇතුළු විවිධ පාර්ශ්ව බලපෑම් කළ අතර එම වාර්තාව ජනාධිපතිවරයා විසින් ඊයේ (22 වැනිදා) ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කරන ලදී.

මේ අතර ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව තවදුරටත් අධ්‍යයනය කිරීම සඳහා පත් කළ ඇමැති කමිටුවද ඊයේ (22 වැනිදා) පස්වරුවේ රැස් විය. එම අධ්‍යයන කමිටු වාර්තාව මාර්තු 15 වැනි දින ලබා දෙන ලෙස ජනාධිපතිවරයා දැනුම් දී තිබුණි. එම කාලයට ප්‍රථම කමිටු වාර්තාව ලබා දීමට මෙහි දී තීන්දු කර ඇත.

මේ අතර පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනය කිරීමේ සය පුද්ගල කමිටුවේ සාමාජිකයන් තෝරා ගනු ලැබූයේ ඔවුන්ගේ දේශපාලන පරිණතභාවය, පළපුරුද්ද, විවිධ ක්ෂේත්‍රවල ඉහළ දැනුම වැනි සාධක සැලකිල්ලට ගනිමින් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ අනුව චූදිතයන්ට නඩු පැවරීම සහ විභාග කිරීම සම්මත යුක්තිය පසිඳලීමේ පරිපාටිය ප්‍රකාර සිදුවන බවත් ඊට මැදිහත්වීමක් පාර්ලිමේන්තු කමිටුවෙන් අපේක්ෂා නොකෙරෙන බවත් එම නිවේදනයේ සඳහන්වේ.

මෙම කමිටුවට පැවරී ඇති වගකීම වන්නේ පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් වාර්තාවේ අන්තර්ගතය ගැඹුරින් අධ්‍යයනය කොට නැවත මෙවැනි විපතක් ඇතිවීම වළක්වා ගැනීමට රටේ දිගුකාලීන සාමය, ආරක්ෂාව සහ ස්ථාවරත්වය සහතික කිරීමට ක්‍රියාත්මක විය යුතු ආකාරය වාර්තා කිරීමයි. කොමිෂමේ නිර්දේශ සාර්ථකව ක්‍රියාත්මක කිරීමට තනි ආයතනයකට හැකියාවක් නැහැ.

පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවට අලුතින් නිර්දේශ එක් කිරීම කමිටුවට අයත් කාර්යයක් නොවේ. මේ තත්ත්වය යටතේ මෙම පාර්ලිමේන්තු කමිටුවේ කාර්යභාරය පිළිබඳ වැරැදි මතයක් සමාජගත කිරීමට ඇතැම් පිරිස් උත්සහ කරමින් සිටින්නේ යැයි ද එම නිවේදනයේ දැක්වේ.

ඒ ඒ රාජ්‍ය ආයතන සහ බලධාරීන් කළයුතු දේ සහ එකිනෙක කාර්යයට දිය යුතු ප්‍රමුඛත්වය ජනාධිපති පරීක්ෂණ කොමිසම හඳුනාගෙන ඇත. නිර්දේශිත ක්‍රියාමාර්ග ගැනීමට පවතින පරිපාලන ව්‍යුහය ප්‍රමාණවත් නොවේ නම් පරිපාලන යාන්ත්‍රණයෙහි අවශ්‍ය වෙනස්කම් කළයුතුව තිබෙන බවද ජනාධිපති මාධ්‍ය අංශය එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කරයි.

-අරුණ

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us