පාස්කු වාර්තාව කාදිනල්ටත් පීඩාවට පත්වූ කතෝලිකයන්ටත් ලබා දිය යුතුයි - රදගුරු සංගමය

Published in පුවත්
Tuesday, 23 February 2021 10:00

පාස්කු වාර්තාව කාදිනල් හිමිපාණන්ට පිළිගැන්විය යුතු බවත් , සිද්ධියෙන් පීඩාවට පත්වූ කතෝලික ජනතාවටද එය දැක බලාගැනීමට අවස්ථාව සැලසිය යුතු බවත් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සංගමය සදහන් කර සිටිනවා.

එහි සභාපති වින්සන්ට් ජේ. ප්‍රනාන්දු හිමි බදුල්ල රොක්හිල්හි පිහිටි රදගුරු මැදුරේදී ඊයේ (22 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකට සහභාගිවෙමින් මේ බව ප්‍රකාශ කර තිබේ.

කතෝලික රදගුරු සංගමයේ සභාපති දැක්වූ අදහස් ,

'' 2019 පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පුද්ගලයන් 268 දෙනෙක් මරණයට පත්වුණා. කොච්චිකඩේ දේවස්ථානයේ 56 දෙනෙකුත් කටුවාපිටිය දේවස්ථානයේ 115 දෙනෙකුත් ජීවිතක්ෂයට පත්වුණා. හෝටල්වල සිටි අයත් මරණයට පත්වුණා. ඒ අතර විදේශිකයනුත් සිටියා . තුවාල ලැබූ හා ආබාධිත වූ පන්සිය දෙනෙක් සිටිනවා .
අපි බලාපොරොත්තු වෙන්නේ පරීක්ෂණයකින් සමීක්ෂණයකින් පසුව සාධාරණය ඉෂ්ට වෙයි කියලා. මෙතෙක් ගත් පියවර අප අගය කරනවා. මලල්ගොඩ විනිසුරුගේ කොමිසම ඉන්පසු පාර්ලිමේන්තු කාරක සභාව, ඉන්පසු ජනාධිපති කොමිසම පත්කරලා හොඳ වැඩපිළිවෙළක් ගෙනගියා.
දවස් 214 ක් ඇතුළත සැකකරුවන් හා සාක්කිකරුවන් කැඳවලා මහා විශාල වාර්තාවක් සකස් කරලා පිටු 214ක වාර්තාවක් තියෙනවා. ඒ පිටුවලින් වෙළුම් 6ක් සකස් කර ගත්තා. ඊට අමතරව ඇමුණුම් 215ක් තියෙනවා.
ඉතින් අපි ඒ ගැන සතුටු වෙනවා. ඒ කළ පරීක්ෂණ වෙනුවෙන් විනිසුරුවන් ඇතුළු විද්වත් මණ්ඩලය කරපු සේවය අගය කරනවා. ජනාධිපති කොමිෂන් වාර්තාව ජනාධිපතිතුමාට පිළිගැන්වූවා. ඉන්පසු කළ යුත්තේ කුමක්ද?
කියන වග අපි කවුරුත් දන්නවා. බෙහෙවින්ම පීඩාවට පත්වූ කතෝලික ජනතාවට ඒ වාර්තාව දැක බලාගැනීමට එය පිළිගන්වන්න ඕන.
පාර්ලිමේන්තුවට එය ඉදිරිපත් කරන්න පුළුවන්. ඉන්පසු අවසාන පියවර වන්නේ එම වාර්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමයි. එතකොට සාධාරණය ඉෂ්ට වෙයි කියලා අප සිතනවා.
නමුත් දැන් පීලි පැනපු තත්ත්වයක් අපි දකින්නේ. කමිටු 2ක් පත්කරලා දැන් කරගෙන යන ඒ වැඩපිළිවෙළ ගැන අපිට ලොකු සැකයක් තියෙනවා.
අපේ ජනතාව පත්කරගත් ජනාධිපතිගෙන් සහ රජයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ සාධාරණය ඉෂ්ටවෙයි කියා. ඉතින් වගකීමෙන් යුතුව විනිවිද භාවයෙන් යුතුව මේ ක්‍රියාදාමය සිදුවිය යුතුයි.
කාදිනල් තුමාට වගේම අපේ රදගරු මණ්ඩලයට පාස්කු වාර්තාව පරීක්ෂා කිරීමට අවස්ථාව ලැබෙන්න ඕන.
මේ වාර්තාව ඔස්සේ වින්දිතයන්ට සාධාරණය ඉටුවෙයි කියන බලාපොරොත්තුව ඇතිව ජනාධිපතිගෙන් ඕනෑකමින් ඉල්ලා සිටිනවා ඒ සුදුසු පියවර කඩිනමින් ගන්න කියා '' යනුවෙන් පවසා තිබේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us