ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති පදවිය ලබාදීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා එකඟ වී ඇති බව වාර්තා වෙයි.මහින්ද රාජපක්ෂ මහතා ඊය‍ේ (14)රාත්‍රිය‍ේ හිටපු මැති ඇමතිවරුන් සමග පැවති සාකච්ඡාවකදී පවසා ඇත්ත‍ේ තමා ක්‍රියාකාරී ද‍ේශපාලනයෙන් සමුගන්නා බවයි. 

මහ ඇමති පවුලම රට යයි

Published in පුවත්
Thursday, 15 January 2015 10:16

සබරගමු මහ ඇමැති මහීපාල හේරත් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා ඇතුලු පවුලේ සාමාජකයෝ 6 දෙනෙක් විදෙස් ගත වීම සඳහා අද (15දා) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණියහ.

කටුනායක ගුවන්තොටුපොළේ සිට මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හරහා ඩුබායි බලා යමට පැමිණි ගුවන්යානයකට කුරුල්ලෙක් වැදී අැත.මේ හේතුවෙන් එම ගුවන් ගමන පැයකුත් විනාඩි හතක් ප්‍රමාද වී තිබේ.

දකුණු ආසියාවේ විශාලතම සංනිවේදන කුළුණ ලෙස මේ වන විට කොළඹ ඩී ආර් විජේවර්ධන මාවතේ ගොඩ නැ‍ඟෙමින් තිබෙන නෙළුම් කුළුණ ගනු දෙනුවෙන් විදුලි සංදේශ නියාමන කොමිසමේ - TCRSL අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා හා තවත් කිහිප දෙනෙකු අමරිකානු ඩොලර් මිලියන 50 කට ආසන්න මුදලක් අයතා ලෙස උපයාගෙන තිබෙන බව එම කොමිසමේ නිළධාරීන් හෙළි කර සිටී.

නව කැබිනට් මණ්ඩලයේ ජනමාධ්‍ය ඇමැතිවරයා ලෙස පත් කෙරුණු ගයන්ත කරුණාතිලක මහතා සිය ධුරයේ රාජකාරි ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී හෙට (16) භාර ගැනීමට නියමිතය.
රාජපක්‍ෂ පාලන සමයේ සිදුවී යැයි කියන මහා පරිමාණ වංචා හා දූෂණ රැසක් පිළිබඳ මේ වන විට ලැබී ඇති තොරතුරු හෙට (16දා) අනාවරණය කිරීමට බලාපොරොත්තු වන බව අධිකරණ නියෝජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා කියයි.
 

දැවැන්ත මුදල් කන්දරාවක් වැය කොට පසුගිය රජය විසින් පවත්වාගෙන ආ දැයට කිරුළ ප්‍රදර්ශනයේ මෙවර පැවැත්වීම සඳහා මෙතෙක් වැය කරනු ලැබ ඇති හා ඒ සඳහා ගෙවීමට ඇති මුදල් පිළිබඳ විස්තර වහා ලබාදෙන ලෙසට මුදල් අමාත්‍යාංශය සියලු දිසා ලේකම්වරුන්ගෙන් ඉල්ලා ඇත.

හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා ජාතික ආරක්‍ෂාවට අදාළව ජනාධිපති උපදේශක ලෙස පත් කිරීමට රජය පියවර ගෙන ඇත.

worky

worky1

ld add copy

Connet With Us