මෙලෙස තීරණය කර ඇත්තේ පොලිස් නිලධාරීන් පිළිබදව පොලිස් කොමිසමට ලැබෙන නිර්නාමික පැමිණිලි හේතුවෙන් බවයි පොලිස්පතිවරයා සදහන් කළේ.
ඒ අනුව නිර්නාමික පැමිණිලිවල අන්තර්ගත කරුණු පිළිබඳව ගැඹුරින් විශ්ලේෂණය කර වැරදි කළ පොලිස් නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක කෙරෙනු ඇති.
පොලිස් කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කළේ, ඒ සම්බන්ධයෙන් අදාළ ප්‍රදේශවල ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට ද උපදෙස් ලබාදී ඇති බවයි.
එසේම ව්‍යාජ පැමිණිලි ඉදිරිපත් කරන්නන්ට එරෙහිව ද දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව විශ්‍රාමික පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු සදහන් කර ඇත.
-පංචාලි අබේසේකර