ශ්‍රි ලංක රේගු අධිකාරියේ ඉහළම තනතුරක් ජනාධිපති ලේකම් කාර්යලයේ අභ්‍යන්තර පාලකයාව සිටි චූලානන්ද පෙරේරා මහතාට ලැබීමට නියමිත බව එම ලේකම් කාර්යල ආරංචි මාර්ග පවසයි.

පෙරේරා මහතා මීට පෙර ආගමන විගමන පාලක ජෙනරාල් වරයා ලෙසද කටයුතු කළේය.

වහාම ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉහළ නිළධාරීන් ‍රැසක් ඉවත් කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇති බව එම කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙරට අති සුවිශේෂී පුද්ගලයෙකුගේ දේශපාලනයේ නියුතු පුත්‍රයෙක් සතුබව කියැවුනු ඩුබායිහි ජාතික බැංකුවේ (නැෂනල් බෑන්ක් ඔෆ් ඩුබායි) ගිණුමක් ගැන තොරතුරු මෙරට දේශපාලඥයින්ට ලැබුණේ පසුගිය පාර්ලිමෙන්තු මැතිවරණය පැවැත්වුනු අගොස්තු 17 වැනිදාට දින 10 කට පමණ පෙරාතුවය.

මාධ්‍යවේදී ප්‍රදීප් එක්‌නැළිගොඩ මහතා පැහැරගෙන ගොස්‌ අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන් කටඋත්තරයක් ලබා ගැනීමට අපරාධ පරික්ෂ දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයි වාර්තාවේ.

ඊයේ කොටුව දුම්රිය පොළ ඉදිරිපස දැඩි කළබලකාරී වාතාවරණයක් දක්නට ලැබුණු අතර බොහෝ දෙනා සිතුවේ සිකුරාදා දිනයක් බැවින් ගම්බ්ම් බලා යන පිරිස නිසා එම කළබලකාරී වාතාවරණය හටගත් බවයි. එහෙත් පසුව එය දුම්රියපොළ ඉදිරිපිට පවත්වනු ලැබූ උද්ඝෝෂණයක් හේතුවෙන් ඇති වූ තත්ත්වයක් බව අනාවරණය විය.

ඇවන්ගාර්ඩ් මුහුදු ආරක්ෂක සාමගමට අයත් පාවෙන අවි ගබඩාව පිළිබඳ ව ඇති චෝදනා වසන් කිරීම සඳහා එම ආයතනයෙන් මුදල් ලබා ගත්තාය කියන මාධ්‍ය ආයතන, මාධ්‍යවේදීන් ,ආරක්ෂක අංශ නිළධාරීන්, පොලිස් නිලධාරීන් හා නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, දේශපාලකයන් ආදී සියලු දෙනා හෙළිදරව් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම් වෙමින් සිටින බව එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. මෙහිදී ගත් මුදල් හා වරප්‍රසාදයන් ගැනද හෙළි කෙරෙණු ඇති බවත් මේවන විට විශාල තොරතුරු ප්‍රමාණයක් එක් ‍රැස් කරගෙන ඇති බවත් එම තොරතුරු මාර්ග පවසයි.

මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැළිගොඩ මහතා රජයේ හමුදා බුද්ධි අංශ මඟින් පැහැරගෙන ගොස් සොරිවිල (මනම්පිටිය) වැලිකන්ද ප‍්‍රදේශයේ පවත්වාගෙන ගිය අතුරු හමුදා කඳවුරකට බාර දී ඇති බවත් පසුව ඔහු ඝාතනය කර මෘත දේහය ත‍්‍රිකුණාමලයට රැගෙන ගොස් මුහුදට දමා ඇති බවත් හමුදා බුද්ධි අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

අන්තර්ජාතික මත්කුඩු ජාවාරම්කරුවන් වසරකට මත්කුඩු කිලෝ තුන්දහස් පන්සියයකට වැඩි ප්‍රමාණයක් බෙදාහැරීමට මෙරටට එවන බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා පැවැසීය.

ld add copy

Connet With Us