සෞභාග්‍යය කරා ගෙන යන ගමනේදී සියලු භික්ෂූන්ගේ සහය ජනාධිපතිවරයාට අඛණ්ඩව

Published in පුවත්
Saturday, 13 February 2021 12:06

ශ්‍රී ලංකාව සෞභාග්‍යයමත් දේශයක් කරා ගෙන යන ගමනේදී තවදුරටත් සියළුම භික්ෂූන් වහන්සේලාගේ නොමඳ සහය ජනාධිපතිවරයාට හිමිවන බව ජ්‍යෙෂ්ඨ ස්වාමීන් වහන්සේලා රැසක් ප්‍රකාශ කර ඇත.

භික්ෂූන් වහන්සේලා මේ බව ප්‍රකාශ කලේ ජනාධිපති කාර්‍යයාලයේදී පැවති බෞද්ධ උපදේශක සභාවේදීය .

අස්ගිරි අනුනායක වෙඬරුවේ උපාලි අනුනායක ස්වාමීන් වහන්සේ සහ කෝට්ටේ කල්‍යාණී සාමාග්‍රි සංඝ සභාවේ අනුනායක අතිපූජ්‍ය කොටපිටියේ රාහුල ස්වාමීන් වහන්සේ ඇතුළු ජ්‍යෙෂ්ඨ ස්වාමීන් වහන්සේලා රැසක් රටේ වත්මන් තත්වය පිළිබඳව සිය අදහස් පලකර තිබේ.

එහිදී අදහස් දැක්වූ උන්වහන්සේලා ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ පාලනය පිළිබඳව නොයෙකුත් පාර්ශවයන් විසින් එල්ල කර සිටින පදනම් විරහිත චෝදනා සහ අපහාස වලින් කිසිවිටෙකත් අධෛර්යමත් නොවන ලෙසත්, ජනාධිපතිතුමාගේ ධූරයේ ඉතිරිව ඇති වසර තුන හමාරකට අධික කාලය තුල ද දැනට රාජ්‍ය පාලනය කරන ආකාරයෙන්ම තම බුද්ධිය සහ දැනුම මේ රට වෙනුවෙන් කැප කොට ක්‍රියාකරන අකාරයටම ඉදිරියට පාලනය කරන ලෙසත් ප්‍රකාශ කළ බව වාර්තා වේ.

-පංචාලි අබේසේකර

g1g2

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us