වසංගතය පාලනයෙන් තොරයි - සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්

Published in පුවත්
Saturday, 13 February 2021 09:57

ප්‍රදේශ කිහිපයකින් නව වෛරස් ප්‍රභේදය හඳුනා ගැනීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට කළ හැකි තරම් දෙයක් නැති බව පවසන සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියා සිටියේ එනමුත් මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන ජනතාව ආරක්ෂා කිරීමට අවශ්‍ය පියවර ගැනීමට අමාත්‍යාංශය උනන්දු වන බවයි.

ඩේලි මිරර් පුවත්පතට අදහස් දක්වමින් වෛද්‍ය හේරත් මහතා පවසන්නේ අවශ්‍ය නම් දැනට පවත්නා මාර්ගෝපදේශ වෙනස් කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් හැකි ඉක්මනින් අදාළ චක්‍රලේඛ නිකුත් කරනු ඇති බවයි.

කෙසේ වෙතත්, ජනතාවගේ සංචරණය වැළැක්විය නොහැකි තත්වයන් හේතුවෙන් මෙම සියලු ගැටලු ඇති වූ බව ඔහු පැවසීය.

“බලධාරීන් කිසිදු සීමාවක් පැනවූයේ නැත්තේ මන්දැයි කෙනෙකුට තර්ක කළ හැකිය. නමුත් අප යම් යම් ප්‍රදේශවලට අගුලු දැමුවහොත් එය දෛනික ආදායම් ලබන අයට දැඩි ලෙස බලපානවා.

“අපි සීමාවන් පැනවීම නොකිරීමට උපරිම උත්සාහ කළ නමුත් සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීමට අඛණ්ඩව ජනතාවගෙන් ඉල්ලා සිටියා. කෙසේ වෙතත්, මෙය සිදු වුණේ නෑ. එහි ප්‍රතිඵලයක් වශයෙන් අපි මේ සියලු ගැටලුවලට මුහුණ දෙනවා."

පවතින තත්ත්වය පාලනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට නිශ්චිත ක්‍රමයක් නොමැති බවත්, ජනතාව වගකීම භාරගෙන වෛරසය එකිනෙකා අතර සම්ප්‍රේෂණය නොවන බවට වග බලා ගත යුතු බවත් වෛද්‍ය හේරත් පැවසීය.

මේ අතර, නව ප්‍රභේදය සංචාරකයින් හරහා රට තුළට ඇතුළු වීමට ඇති හැකියාව තවමත් අසීරු බවත්, නමුත් ඊට සැබෑ හේතුව සොයා බැලීම සඳහා පරීක්ෂණයක් පවත්වන බවත් ඔහු පැවසීය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us