එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලීමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා ආණ්ඩුවට එක් කර නොගන්නා ලෙස ඉල්ලමින් බලපිටිය ප්‍රදේශවාසීහූ බලපිටිය බස් නැවතුම් පොළ අසලදී අද (13දා) විරෝධතාවක නිරතවූහ.

හෙට (14) රාජ්‍ය හා බැංකු සේවකයින් සඳහා ලබාදෙන නිවාඩුවට සා‍පේක්ෂව පෞද්ගලික අංශය සඳහා ද නිවාඩු ලබාදෙන්නැයි කම්කරු දෙපාර්තමේන්තුව පෞද්ගලික අංශයේ සේවා යෝජකයින්ගෙන් ඉල්ලීම් කර තිබේ.

TNA ජනපති හමුවේ.

Published in පුවත්
Tuesday, 13 January 2015 11:15

උතුරේ දෙමළ ජනතාව වෙනුවෙන් මූලික කරුණු 5ක් පිළිබදව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමග ඊයේ (12දා)ජනාධිපති ලේකම් කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් සිදු කළ බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සෙල්වම් අඩෙයික්කලනාදන් මහතා කියා සිටියේය.

අතිඋතුම් ශුද්ධෝත්ම ෆ‍්‍රැන්සිස් පාප්වහන්සේ මීට නොබෝ වේලාවකට පෙර මෙරටට සැපත් වුයේය. ඒ, වතිකානයේ සිට පැමිණි ඉතාලි ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකිනි.

ජනාධිපති කාර්යාලය සතු මෙතෙක් බාර නොදුන් වාහන පිළිබඳ සොයා බලන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇත.

පසුගිය රජය යටතේ දේශපාලන පළිගැනීම්වලට ලක්වීම නිසා මීට වසර 5කට පෙර ශ්‍රී ලංකාව හැරදා යෑමට සිදුවූ යුද හමුදා විශේෂ බළකායේ සැලැසුම් අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක හා බි්‍රගේඩියර් දුමින්ද කැප්පෙටිවලාන යන මහත්වරු සෙනසුරාදා (10දා) අලුයම කටුනායක ගුවත්තොටුපොළින් නැවත ශ්‍රී ලංකාවට පැමිණියහ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කොට ඇති දින 100 වැඩපිළිවෙළ සාර්ථක ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා සහයෝගය දෙන ලෙස මේ අවස්‌ථාවේ තමා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයෙන් ඉල්ලා සිටින බව සාධාරණ සමාජයක්‌ සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති මාදුළුවාවේ සෝභිත හිමියෝ ඊයේ (12 දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී පැවැසූහ.

පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් ප්‍රථම වතාවට ජනාධිපති ලෙස මෛත්‍රිපාල සිරිසේන මහතා පත්වීමෙන් පසු දිඹුලාගල කළුකැලේ මහවැලි ගම්මානයේ ගොවියකු වන ඩී.ආර්. ජයසිංහ බණ්ඩාර (46) මහතා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස ලබන සතියේ රැස්වන පාර්ලිමේන්තු රැස්වීමේදී දිවුරුම් දීමට සූදානමින් සිටී.

worky

worky1

ld add copy

Connet With Us