ජිනීවා මානව හිමිකම් යෝජනාවලිය ගැන මහා සංඝරත්නයේ අදහස් විමසයි

Published in පුවත්
Friday, 12 February 2021 09:34

ජිනීවා මානව හිමිකම් සැසිවාරයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ලබන මාර්තුවේ ඉදිරිපත්වන යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මහා සංඝරත්නය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අතර හමුවක් ඊයේ (10) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත් වුණා.

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත්වන යෝජනා ඇතුළත් වාර්තාව හා ඒ සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ගරුතර මහා සංඝරත්නයේ අවවාද හා උපදෙස් ලබා ගැනීමේ අරමුණින් මෙම සාකච්ඡාව පැවැත්වී ඇත.

කොවිඩ්-19 වසංගත තත්ත්වය සාර්ථකව මර්දනය කළ රටවල් අතර ශ්‍රී ලංකාව ලොව ඉදිරියෙන්ම සිටිය දී, අප රට අපකීර්තියට පත් කිරීමේ අරමුණින් වැරදි මතවාද ඇතුළත් කොට ඉතා ප්‍රෝඩාකාරී ලෙස මෙම මානව හිමිකම් යෝජනාවලිය නිර්මාණය කර ඇති බව එහිදී විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සඳහන් කර ඇත.

රටේ ජයග්‍රහණයට මෙන් ම ස්වෛරීත්වයට හානි වන ආකාරයේ කරුණු 16ක් ඇතුළත් කරමින් ජගත් මානව හිමිකම් මහ කොමසාරිස්වරිය මෙම යෝජනා වාර්තාව ඉදිරිපත් කර ඇති බව එහිදී දී හෙළි විය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පූජ්‍ය මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් ප්‍රකාශ කර සිටියේ මෙවැනි තීරණාත්මක අවස්ථාවක ගරුතර මහා සංඝරත්නයේ අවවාද හා අනුශාසනා ලබා ගැනීමට තීරණය කිරීම සම්බන්ධයෙන් ප්‍රථමයෙන් අග්‍රාමාත්‍යවරයා ඇතුළු ආණ්ඩුවට ස්තූතිවන්ත වන බව ය. මෙවැනි අවස්ථාවක ජිනීවා මානව හිමිකම් කොමිසමට ප්‍රති-යෝජනාවක් ඉදිරිපත් කිරීම නුසුදුසු බවත්, ඒ වෙනුවට අපගේ නිවැරදි භාවය සඳහන් කරමින් විත්ති වාචකයක් පමණක් ඉදිරිපත් කළ යුතු බව උන්වහන්සේ පැවසූහ.

මානව හිමිකම් කොමිසමේ අරමුණ රට බෙදා වෙන්කිරීම බව පෙන්වා දුන් මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ මානුෂීය මෙහෙයුමකින් ත්‍රස්තවාදය අවසන් කිරීම යුද අපරාධයක් යැයි කීම මහා අපරාධයක් බව පෙන්වා දුන්හ. මෙම යෝජනාවලට අදාළව ප්‍රතිසන්ධානය ඉතා භයානක බවත් එවැනි එකඟවීමකින් තොරව කාලය ගෙන පාර්ලිමේන්තුවේ දේශප්‍රේමී පනතක් සම්මත කර ගැනීම උචිත බව ද එහිමියන් පවසා සිටියහ.
මෙම තත්ත්වයට මුහුණ දීමට බෞද්ධ රටවලට අපගේ ස්වාමීන් වහන්සේලා මාර්ගයෙන් යම් බලපෑමක් කළ හැකි බවත්, ඒ ඔස්සේ සාධනීය ප්‍රතිඵලයක් ලබාගත හැකි වනු ඇති බවත් උන්වහන්සේ වැඩි දුරටත් පැවසූහ.

ගරුතර මහා සංඝරත්නයේ අවවාද හා අනුශාසනා පිළිබඳව ස්තූතිවන්ත වූ අග්‍රාමාත්‍යවරයා රට මුහුණ දෙන ඕනෑ ම අභියෝගයක් හමුවේ මහා සංඝරත්නයේ අවවාද හා අනුශාසනා සඳහා ප්‍රමුඛස්ථානය ලබා දෙන බවත් හා ඒ අනුව ක්‍රියා කරන බවත් සඳහන් කර තිබේ.

-පංචාලි අබේසේකර

m1m2m3

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us