ගුවන් යානා 12ක් ගන්න යහපාලන ආණ්ඩුව ඇ.ඩොලර් හාරකෝටියක් වැය කරලා  

Published in පුවත්
Friday, 12 February 2021 10:28

යහපාලන ආණ්ඩුව සමයේ ඇමරිකානු ඩොලර් හාරකෝටි හැටලක්ෂ අනූඅටදහස් පන්සිය අනූඑකක් වැය කරමින් ගුවන් යානා 12ක් මිලට ගෙන ඇති බවත් භාවිතා කළ නොහැකි පැරැණි ගුවන් යානාවක් ඒ අතර වූ බවත් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග ඊයේ (11 වැනිදා) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර තිබේ.

එම භාවිතා කළ නොහැකි ගුවන් යානාවේ ආසන නිසි ලෙස නොතිබූ බවද පැවැසූ ඇමැතිවරයා ඒ සඳහා අලුතින් ආසන ගෙන්වා ගැනීමට ඇමරිකානු ඩොලර් මිලියන හතර හමාරක් වැය කර ඇතැයිද පවසා ඇත.

2015 වසරේ දී ගුවන් යානා 05ක්ද, 2017 දී ගුවන් යානා 06ක්ද. 2018 දී එක් ගුවන් යානාවක්ද වශයෙන් යහපාලන කාලයේ දී ගුවන් යානා 12ක් ගෙන්වා ඇතැයිද හෙතෙම කීවේය. ඒ සඳහා වැයවූ මුදල 2015 දී ඇමරිකන් ඩොලර් එක්කෝටි හැටහය ලක්ෂ දහ අටදහස් නවසිය හැත්තෑවක් (16,618970) ක් වන අතර 2017 දී ඇමෙරිකන් ඩොලර් එක්කෝටි හැට නව ලක්ෂ හැට තුන්දහස් අටසිය හැට නවයක් (16,963869) 2018දී වැය වූ මුදල් ඇමෙරිකන් ඩොලර් විස්පන් ලක්ෂ පහළොස් දහස් හත්සිය පනස් දෙකක් (2515752) බවද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව ගුවන් යානා හතරක් මිලදී ගැනීමට අත්සන් කළ ගිවිසුම් යහපාලන රජය අවලංගු කිරීම නිසා ඇමරිකන් ඩොලර් මිලියන 110 වන්දියක් ගෙවීමට සිදු වූ බවද මෙහි දී සඳහන් කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසාම්මිල් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව පැවසීය.

මෙම ගිවිසුම් අවලංගු කර ඇත්තේ කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමකින් තොරව බව ඔහු ප්‍රකාශ කර සිටියේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us