බැඳුම්කර චෝදනා රනිල්ට නෑ

Published in පුවත්
Friday, 12 February 2021 10:47

ආන්දෝලනාත්මක මහ බංකු බැඳුම්කර වංචා නඩු විභාගය සඳහා විශේෂ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් (Trial at bar) පත් කරන ලෙස නීතිපතිවරයා, අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

හිටපු මුදල් ඇමැති රවී කරුණානායක, හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්, පර්පචුවල් ටෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් ඇතුළු විත්තිකරුවන් 11 දෙනකුට එරෙහිව චෝදනා එල්ල වී තිබෙන 2016 මාර්තු මස සිදු වූ බැඳුම්කර වංචාවට අදාළ නඩු විභාගය සඳහා නීතිපති, ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා විසින් අගවිනිසුරු ජයන්ත ජයසූරියගෙන් මෙම ඉල්ලීම කර තිබේ.

නීතිපතිවරයා එම ඉල්ලීම ලිඛිතව ඉදිරිපත් කර ඇතැයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ නිශාරා ජයරත්න ඊයේ (11 වැනිදා) සඳහන් කළාය.

කෙසේ නමුත් මහ බැංකුව අමාත්‍යංශ විෂය පථයක් ලෙස පවරාගෙන තිබු එවකට අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව චෝදනා නොවීම විශේෂිත තත්වයකි. මහ බැංකු අධිපති ලෙස අර්ජුන මහේන්ද්‍රන්ව පත් කරනු ලැබුවේද රනිල් වික්‍රමසිංහගේ වුවමණාවට සහ අනුමැතියෙනි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us