කෘෂි ඇමැති, මෝල් හිමියන් මට්ටු කරන්න වී වැඩියෙන් මිළදී ගනී  

Published in පුවත්
Friday, 12 February 2021 10:57

මෝල් හිමියන්ගේ හිතුවක්කාරී ක්‍රියාවන් වැළැක්වීම සඳහා වී අලෙවි මණ්ඩලය විසින් ගොවියාගෙන් මෙම කන්නයේදී වී මෙට්‍රික් ටොන් ලක්ෂ පහක් මිලට ගන්නා බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ ඊයේ (11 වැනිදා) පාර්ලිමේන්තුවේදී පවසා ඇත.

මීට පෙර තීරණය කර තිබුණේ වී මෙට්‍රික් ටෙන් 3ක් මිළ දී ගැනීමටය.

එසේ මිලට ගන්නා වී තොග මෙට්‍රික් ටොන් පනස් දහස බැගින් වෙළෙඳපොළට නිකුත් කිරීමට පියවර ගන්නා බව කී ඇමැතිවරයා යහපාලන කාලයේ සිටි කෘෂිකර්ම ඇමැතිවරයා වී කිලෝවක් රුපියල් 52.00 බැගින් මිලට ගෙන සත්ව ආහාර යැයි පවසමින් කිලෝවක් රුපියල් 22.00 කට අලෙවි කිරීම නිසා වී අලෙවි මණ්ඩලයට රුපියල් කෝටි 2200 ක් (බිලියන 22 ක්) පාඩු කළ බවද පැවැසුවේය.

වී මිලදී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලයට රුපියල් කෝටි 1600 ක්ද (බිලියන 16 ක්), සමුපකාරවලට රුපියල් කෝටි 500 ක් (බිලියන 5 ක්) සහ දිස්ත්‍රික් ලේකම්වරුන්ට රුපියල් කෝටි 200 ක් (බිලියන 5 ක්) ලබා දෙන බවද ඇමැතිවරයා කීවේය. ඇමැතිවරයා මේ බව පැවැසුවේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී තුෂාර ඉඳුනිල් අමරසේන විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us