වන අපරාධ අවම කරන්න දිගුදුර විහිදුම් බළකායක්

Published in පුවත්
Friday, 12 February 2021 11:08

වන රක්ෂිත කලාප විනාශ කරන පුද්ගලයන් සහ වන සතුන් දඩයම් කරන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්ක කිරීම සඳහා දිගු දුර විහිදුම් බළකායක් ස්ථාපිත කිරීමට වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යාංශය සැලසුම් කර ඇත.

වනජීවී සහ වන සංරක්ෂණ නිලධාරින් හා විශේෂ කාර්ය බළකාය සම්බන්ධ කරගනිමින් මෙම බළකාය පිහිටු වේ.

මෙම කටයුත්ත සඳහා පොලිස්පතිවරයාද එකඟ වූ බව වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශය පවසයි.

කැලෑ කැපීම, වන සතුන් දඩයම මෙන්ම රක්ෂිත භූමි අනවසරයෙන් අත්පත්කර ගැනීම නතර කිරීම සඳහා ගන්නා ඉදිරි පියවර පිළිබඳ වනජීවී හා වන සංරක්ෂණ ඇමැති සී.බී. රත්නායක, ඉඩම් ඇමැති එස්.එම්. චන්ද්‍රසේන, පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ඇතුළු නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණය විය.

ගංජා ආදී නීති විරෝධී වගාබිම් වටලා එම වගා විනාශ කිරීමෙන් පසු එම භූමිවල වන සතුන් සඳහා භෝග වගා කිරීමටද මෙහිදී සාකච්ඡාවට ලක්වී ඇති අතර එම කටයුතු සඳහා ගුවන් හමුදාවේ සහ​යෝගය ලබා ගැනීමටද තීරණය වී තිබේ.

වන අපරාධ අවම කිරීම සඳහා සෑම දිස්ත්‍රික්කයකම වනජීවී හා වන සංරක්ෂණ කමිටුවක් පිහිටුවීමටද නියමිතය.

මේ අතර ගොවීන්ගේ වගා ඉඩම් සම්බන්ධ ඉල්ලීම්වලට මුවාවී වනාන්තර එළි පෙහෙළි කරනු ලබන ජාවාරම්කරුවන්ට එරෙහිව වහාම කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදුන් බව පරිසර ඇමැති මහින්ද අමරවීර පවසයි.

පරිසර අමාත්‍යාංශයේදී ඊයේ (11 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

ජනාධිපතිවරයා ගමින් ගමට ගොස් අහිංසක ජනතාවගේ කුඹුරු ඇතුළු ඉඩම් සම්බන්ධව තිබෙන ගැටලු විසඳීමේදී ඇතැම් ජාවාරම්කරුවන් එම අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් පරිසරය විනාශ කිරීමට උත්සාහ දරමින් සිටින බවද පරිසර ඇමැතිවරයා සඳහන් කළේය.

රටට අවශ්‍ය දෑ මෙරට තුළම නිෂ්පාදනය කිරීම සඳහා රජය විසින් ජනතාව උනන්දු කරමින් සිටින බවත්, ඒ නිසා බොහෝ දෙනෙකු වගා කටයුතු කිරීමට දැන් උනන්දුවක් දක්වන බවද ඇමැතිවරයා කීවේය.

පරිසරය වනසන ලද පුද්ගලයන් රැසකට පසුගිය දිනවල නීතිමය කටයුතු කර ඇතැයිද පරිසර ඇමැතිවරයා පැවසුවේය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us