ව්‍යවස්ථා සංශෝධනයකින් අනතුරුව මාස 2ක් තුළ පළාත් සභා ඡන්දය

Published in පුවත්
Thursday, 11 February 2021 11:28

ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකිරීමෙන් අනතුරුව මාස දෙකක් වැනි කාලයක් තුළ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකියාව ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතීඥ නිමල් ජි. පුංචිහේවා ප්‍රකාශ කර තිබේ.

නීතිඥ නිමල් ජි. පුංචිහේවා මහතා එම අදහස් පළ කළේ මල්වතු සහ අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුයි යන්න තම කොමිෂන් සභාවේ ස්ථාවරය බව ද ඔහු එහිදී සඳහන් කර ඇත.

එහිදී අදහස් දැක්වූ නිමල් ජි. පුංචිහේවා මහතා ,

“මැතිවරණය නිදහස් හා සාධාරණව පවත්වා ගැනීමේදී අපි හඳුනාගත් යම් යම් දෝෂ තියෙනවා. එහි නීති සංශෝධනය කළයුතුව තියෙනවා. උදාහරණයක් ලෙස නිදහස් හා සාධාරණ මැතිවරණයක් නම් සියලුදෙනාටම ඡන්දය පාවිච්චි කිරීමේ හිමිකම තියෙනවා. දැන් අපේ රටේ අත්‍යවශ්‍ය සේවන්වල සිටින වෛද්‍යවරු, හෙදියන්ට ඡන්දය පාවිච්චි කිරීමේ අවස්ථාව ලැබෙන්නේ නැහැ. තැපැල් ඡන්ද අයිතියන් නැහැ අපේ නීතිය යටතේ. ඉතින් මේවා වෙනස් වෙන්න ඕනේ. මේ අයට පූර්ව ඡන්දය භාවිතා කිරීමට ඡන්ද ක්‍රමය වෙනස් කරන්න ඕනේ. පසුගිය කාලයේ ඉදන් එක් අපි සකක් කරමින් තිබුණේ. දැන් ඒක ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒ වගේම මැතිවරණ වියදම් පිළිබඳ පාලනයක් සකස් කරන්න දැනටමත් ක්‍රමවේදයක් සාකච්ඡා කරමින් යන්නේ.“ යනුවෙන් සදහන් කර ඇත.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us