හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු විපක්ෂයේ බංකොලොත් බලවේග වෙත...

Published in පුවත්
Monday, 15 February 2021 12:10

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හිටපු මන්ත්‍රීතුමිය පසුගිය දිනක මාධ්‍ය හමුවක මා පිළිබදව සහ අප නියෝජනය කරන දේශපාලන මතය පිළිබදව අදහස් පළ කර ඇති බව දුටිමි.

ඇය එහිදී පවසන්නේ ඉදිරියේදී අප ඔවුන් සමග එක්ව දේශපාලන බලවේගයක් ගොඩනැගීමට සුදානමින් සිටින බව ය. ඇය මෙන්ම තවත් විපක්ෂයේ මන්ත්‍රීවරුන් බොහොමයක් එම අදහසම ප්‍රකාශ කරමින් සිටිනු දැකගන්නට ලැබිණි.

ඒ පිළිබද අපට ඔවුන් වෙත ලබා දිය හැකි සරලතම පිළිතුර වන්නේ ''එවැනි බංකොලොත් දේශපාලනයක නිරත වීමට අපට කිසිදු අදහසක් නැති බවයි''. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හිටපු මන්ත්‍රීතුමිය ඇතුළු බංකොලොත් විපක්ෂයේ බංකොලොත් දේශපාලනය වෙනුවෙන් පෙනී සිටීමට තරම් අප බංකොලොත්ව නැති බව ඔවුන් වටහා ගත යුතුව තිබේ. විපක්ෂයේ භූමිකාව වෙනුවෙන්වත් පෙනී සිටීමට හැකියාවක් නැති ළදරු විපක්ෂයක් වෙනුවෙන් අප පෙනී සිටිනු ඇතැයි සිතීමම විහිළුවකි.
අප පෙනී සිටින්නේ අප ගැන විශ්වාසය තැබූ 69 ලක්ෂයේත් සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේත් අරමුණු මුදුන් පමුණුවා ගැනීම වෙනුවෙනි, රටට හිතැති තීන්දු තීරණ ගැනීම වෙනුවෙනි, ආණ්ඩුවට පැවැත්මට හිතැති තීන්දු තීරණ ගැනීම වෙනුවෙනි, සමස්ත ලාංකිකයන් අපේක්ෂා කරන තැනට අප මාතෘ භුමිය රැගෙන යෑම වෙනුවෙනි. ඒ ගමනේදී ඉතිහාසය පුරාවටම අපහට එල්ල කළ ප්‍රහාරයන් මැද වුවද අපගේ අරමුණු අත් නොහළ බව අප ඔප්පු කොට තිබේ. අනාගතයේදීත් එම අරමුණුවල වෙනසක් නොවන බව ද විශ්වාසයෙන් යුතුව කියමි.
අපගේ අදහස් සහ භාවිතාව වරදවා වටහා ගත් සියලු දෙනා වෙත සංවේගය පළ කරමි..!

-විමල් වීරවංශ

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us