චීන කොවිඩ් එන්නත නව වෛරසයටත් ඔට්ටුයි !  

Published in පුවත්
Friday, 19 February 2021 09:24

චීනයේ සිනොවැක් බයෝටෙක් (Sinovac Biotech)ආයතනය නිපදවන කොවිඩ් එන්නත බ්‍රිතාන්‍ය සහ දකුණු අප්‍රිකාවේ පැතිරයන නව වයිරස් ප්‍රභේදවලට එරෙහිව සාර්ථකව ක්‍රියාත්මක වන බව බ්‍රසීල පර්‌යේෂකයෝ ප්‍රකාශ කර සිටි.

චීන එන්නත පිළිබඳව බ්‍රසීලයේදී පර්‌යේෂණ සිදුකළ මෙම පර්‌යේෂණ කණ්ඩායම සිය අත්හදා බැලීම්වල අවසන් ප්‍රතිඵල උපුටා දක්වමින් මෙම අනාවරණය සිදුකර ඇත.

‘‘අපි මෙම එන්නත බ්‍රිතාන්‍ය සහ දකුණු අප්‍රිකානු වයිරස් ප්‍රභේදයන්ට එරෙහිව අත්හදා බැලුවෙමු. එහිදී එය සාර්ථක ප්‍රතිඵල ලබාදී තිබේ.’’ යැයි චීන එන්නත පිළිබඳ අත්හදාබැලීම් කළ බ්‍රසීල කණ්ඩායමේ ප්‍රධානී, සහඕ පාවුලෝහි බූටැන්ටන් ජෛව වෛද්‍ය මධ්‍යස්ථානයේ ප්‍රධාන වෛද්‍ය ඩිමාස් කෝවාස් ප්‍රකාශ කර තිබේ.

මෙම අත්හදා බැලීම්වලට සමගාමීව බ්‍රසීලය චීන එන්නතේ මාත්‍රා මිලියන 100ක් ලබාගෙන ඇති අතර චීනයේ කොවිඩ් එන්නත් මිලදීගන්නා ප්‍රධාන ගැනුම්කාරය බවටද බ්‍රසීලය පත්ව ඇත.

මේ වන විට බ්‍රසීලයේ කොවිඩ්-19 වයිරසයේ බ්‍රිතාන්‍ය සහ දකුණු අප්‍රිකානු ප්‍රභේද මෙන්ම බ්‍රසීල දේශීය ප්‍රභේදයක්ද ශීඝ්‍රලෙස ව්‍යාප්ත වී ඇති අතර එම ඇතැම් ප්‍රභේදවලට එරෙහිව ඉන්දියාවේ නිෂ්පාදිත ඇස්ට්‍රාසෙනෙකා එන්නත එතරම් සාර්ථක වී නැතැයි බ්‍රසීලය පසුගියදා ප්‍රකාශ කළේය. මේ අතර ඊයේ (18 වැනිදා) දිනයේ විදෙස් මාධ්‍ය වාර්තා කළ ආකාරයට බ්‍රසීල මෙන්ම දකුණු අප්‍රිකානු කොවිඩ්-19 ප්‍රභේද ආසාදනය වූ පුද්ගලයන් යාබද ඉන්දියාවෙන්ද වාර්තා වී තිබේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us