එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයක් අපේක්ෂාවෙන් සිටින අතුරලියේ රතන හිමි මැතිවරණයට සතියක් පමණ තිබියදී යළි සන්ධානය හා එක්වීමේ සූදානමක සිටින බව වාර්තාවේ.
කුරුණෑගල එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ අවසන් ප්රචාරක රැළියට භික්ෂූන් වහන්සේ 3000 ගෙන්වා අමුතු සංදර්ශනයක් පැවැත්වීම සඳහා සූදානම් වන බව වාර්තාවේ
මෙරට ඉන්ධන මිළ ඉදිරි මාස තුන තුලදී යළි අඩු කළහැකි වනු ඇතැයි විදුලි හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම් බී එම් එස් බටගොඩ මහතා පවසයි.
අලුත්ම රාජ්‍ය බුද්ධි අංශ වාර්තාව. එජාප 102,සන්ධාන 91, ජවිපෙ 14, ටීඑන්ඒ 16
මහ මැතිවරණය සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශ විසින් මෙම සතියේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබා දී ඇති සමීක්ෂණ වාර්තාවට අනුව එක්සත් ජාතික පක්ෂය හා එක්සත් ජනතා සන්ධානය අතර දිස්ත්‍රීක් මට්ටමින් තියුණු තරඟයක් පවතින අතර, එජාපය ආසන මට්ටමින් තරමක් ඉදිරියෙන් සිටී.
එක්සත් ජනතා නිදහස් සන්ධානය මෙවර මැතිවරණය සඳහා ඉදිරිපත් කර තිබෙන සුරංගනා කතා පොතක් බඳු මැතිවරණ පොරොන්දු ඉටුකිරීම සඳහා පළමු දින 30 ට පමණක් රුපියල් බිලියන 400 ඉක්මවා යන මුදලක් අවශ්‍ය බව ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.
පාසල් අසළ පවත්වාගෙන යන බොහෝ වෙළඳසැල්වලින් පාසල් සිසුන්ට මත්ද්‍රව්‍ය අලෙවි කරන බවට ලැබුණ තොරතුරු මත දිවයිනේ සියළුම පාසල් අසළ පවත්වාගෙන යන පෙට්ටි කඩ සහ සිල්ලර කඩ විශේෂ පරික්ෂාවකට ලක් කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශය තිරණය කර තිබේ.
මහින්ද ගෞරවාන්විත සමුගැනීමක් ඉල්ලයි. ගෝඨා මෛත්‍රී ඉදිරියේ වැඳ වැටේ
කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම මහ මැතිවරණයෙන් පසුව දේශපාලනයෙන් ගෞරවාන්විතව සමුගැනීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් අවස්ථාවක් ඉල්ලා ඇති බව රාජපක්ෂ පවුලේ අරංචි මාර්ග සඳහන් කරයි.
පොලිස් මදාවියා දුමින්දගේ ආධාරකරුවන් යටකරගෙන පලායයි. අයෙක් මරුට
එක්සත් ජනතා නිදහස් සන්ධාන අනුරාධපුර දිස්ත්‍රික් අපේක්ෂක අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ආධාරකරුවෙකු රිය අනතුරකින් ජිවිතක්ෂයට පත්ව තිබේ. අනුරාධපුර රබෑව ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු වල නිරතව සිටියදී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කළේය.