මෙම එන්නත ලබා දෙනු ලබන්නේ අවදානම් සහිත ප්‍රදේශ වන ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවලටයි. එමෙන්ම දැනට කෙරීගෙන යන එන්නත්කරණ වැඩසටහන මෙම සිකුරාදා (12 වැනිදා) දිනට පමණක් තාවකාලිකව නවත්වන බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කරයි. අත්‍යවශ්‍ය හේතුවකට ඇරෙන්න මෙදින එන්නත්කරණය සිදුනොවේ. තවද මෙරටට ලැබුණු එන්නත් තොග අතරින් දෙලක්ෂ පනස්දහසක ප්‍රමාණයක් මේ වන විට ඉතිරි කරගෙන ඇති බවත් දෙවන මාත්‍රාව ලෙස එම එන්නත් සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩලයට ලබාදෙනු ඇති බවත් විශේෂඥ වෛද්‍යවරයා කියා සිටී.'
-පංචාලි අබේසේකර