විමල්ට එරෙහිව බදියුදීන් සී.අයි.ඩී යට !  

Published in පුවත්
Wednesday, 10 March 2021 15:20

අමාත්‍ය විමල් විරවංශ විසින් පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන් සම්බන්ධව ඊයේ දින සිදුකල ප්‍රකාශය සම්බන්ධයෙන් මන්ත්‍රි රිෂාඩ් බදියුදීන් අද (10) අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් ගොනු කර තිබේ.

ඒ, රිෂාඩ් බදියුදීන්ගේ සහෝදරයා සහරාන් හෂීම් සමග දුරකථන සංවාදවල නිරත වූ බවට වන තොරතුරක් සම්බන්ධයෙන් විමල් වීරවංශ ඊයේ උත්සවයකදී පළකළ අදහසක් සම්බන්ධයෙනි.

ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රිෂාඩ් බදියුදීන් පැවසුවේ හැකිනම් එම චෝදනා ඔප්පු කරන ලෙසය.

එහිදී අදහස් පළකළ බදුර්දීන් ,

“විමල් වීරවංශ ඇමතිවරයා, මම සහරාන්ව කවදාවත් හම්බවෙලා නෑ. මගේ සහෝදරයට හෝ මට සහරාන් එක්ක කිසිදු සම්බන්ධයක් තිබුණේ නෑ කියලා එදත් කිව්වා අදත් කියනවා. ඒක තමයි ඇත්ත. විමල් වීරවංශ මහතා ඊයේ කරපු ප්‍රකාශය අමුලික බොරුවක්. එතුමා දිගටම බොරු ප්‍රචාරය කරන්නේ එයාගේ දේශපාලන වාසියට. දැන් එයා හොඳටම වැටිලා ඉන්නේ. එතුමාට මම අභියෝග කරනවා පුළුවන් නම් ඔයා කිව්ව එක ඔප්පු කරන්න. මම CID එකට පැමිණිල්ලක් කරලා තියෙනවා. මම බලාපොරොත්තු වෙනවා වහාම පරීක්ෂණ පවත්වලා නීතිමය කටයුතු කරයි කියලා.“ යනුවෙන් සදහන් කර ඇත.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us