ගෝඨා අත්හරී, බැසිල් සූදානම් වේ.

Published in Gossip
Thursday, 04 March 2021 11:42

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බව රාජපක්ෂ හිතවාදී වෙබ් අඩවියක් වන ලංකා සී නිව්ස් සඳහන් කරයි.

එසේම මෙහිදී මීළඟ අපේක්ෂකත්වය සඳහා සුළු ජාතිකයන්ගේ ඡන්ද ලබා ගත හැකි අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවය ද ඔහු පෙන්වා දී තිබේ. මේ ඉඟි කරන්නේ බැසිල් රාජපක්ෂ මහතා පිළිබඳ විය හැකිය. මේ වන විට සුළු ජාතික පක්ෂ සමඟ සමීපව කටයුතු කරන රාජපක්ෂ කඳවුරේ ප්‍රබලයා වන්නේ ඔහුය.

// තමන් මීළඟ ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු සේ ඉදිරිපත් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර තිබේ.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ ඉකුත්දා පැවැති පක්ෂ නායකයන්ගේ හමුවේදීය.

එම ජනාධිපතිවරණය සඳහා සුළු ජාතික ඡන්ද ලබා ගත හැකි අපේක්ෂකයකු ඉදිරිපත් කරන ලෙසත් ඔහුට තමන්ද සිංහල ඡන්ද ප‍්‍රමාණයක් ලබා දීමට සුදානම් බවත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇත.

එම පක්‍ෂ නායක හමුවට සහභාගී වූ මන්ත‍්‍රීවරයෙක් මෙම තොරතුරු සහතික කලේය. //

කෙසේ නමුත් මීට පෙර අවස්ථා කිහිපයකදීම ජනාධිපති ගෝඨාභය තමන්ගේ කාර්ය මණ්ඩලයේ පිරිස් සමඟ මෙන්ම සමීප හිතවතුන් සමඟද තමන් යළි ජනාධිපතිවරණය ඉදිරිපත් නොවන බව දන්වා තිබු බව ඇතැම් වාර්තාවල සඳහන් විය.

ජනාධිපතිවරය වෙලාසනම මෙවැනි අදහසක් ප්‍රකාශයට පත් කිරීම එම කඳවුර වෙනුවෙන් ඡන්දය පාවිච්චි කළ සහ විශේෂයෙන්ම ජනාධිපතිවරයා වෙත අධික විශ්වාසයක් සහිතව සිටි පිරිස්වල කණස්සල්ලට හේතු වනු ඇත. ආණ්ඩුව කවරක් කළත් ජනාධිපතිවරයා සියල්ල නිවැරදි කරමින් ඔවුන් බලාපොරොත්තු වූ සංවර්ධන ඉලක්කයන් වෙත යනු ඇති බවත් එම පිරිස් විශ්වාස කළහ. එමෙන්ම 2024 ජනාධිපති අපේක්ෂකයා ලෙසත් පත් වී අඛණ්ඩව අවුරුදු 10 ක පාලනය තුල මේ රට සෞභ්‍යාග්‍යමත් යුගයක් කරා ගෙන යනු ඇති බවද ඔවුන් බලාපොරොත්තු විය.

ඒ කෙසේ වෙතත් ගෝඨභය රාජපක්ෂ තම ධූර කාලය වසර පහකින් සීමා කිරීම දේශපාලනික වශයෙන්ද වත්මන් ආණ්ඩුවට නරක ලෙසින් බලපැවැත්විය හැකිය. රට වත්මනෙහි මුහුණ දෙමින් තිබෙන අර්බුද හමුවේ ජනාධිපතිවරයාත් ආණ්ඩුවත් තමන්ගේ අසමත්කම් මත තම නොහැකියාව ප්‍රකාශයට පත් කිරීමක් ලෙස ද මේ හැදින්විය හැකිය.

මේ වන විට ආණ්ඩුව අභ්‍යන්තරයෙහි හට ගෙන තිබෙන බෙදීම් ද මේ අනුව තවදුරටත් වර්ධනය වෙනු ඇත. විමල් වීරවංශ පාර්ශ්වය සහ බැසිල් රාජපක්ෂ පාර්ශ්වය තියුණු බෙදීමක් කරා මේ වන විට ගොස් ඇත. එසේම ශ්‍රි ලනීප ද මේ වනවිට බැසිල් රාජපක්ෂගේ පොදුජන පෙරමුණ සමඟ තවදුරටත් කටයුතු කිරීමෙන් ඉවත්වෙන බවට තීන්දුවක් ගෙන ඇති බවත් වාර්ථා විය. පොදුජන පෙරමුණ තුල සිටින කොටස් වලින්ද බැසිල් රාජපක්ෂ මහතාගේ නායකත්වය කෙරෙහි විශ්වාසය තබා සිටින්නේ සීමිත කොටසක් වන අතර යම් ලෙසකින් බැසිල් රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නම් කෙරුණද ඔහුට මේ වනවිට ජනාධිපතිවරයට සහය දෙන සියලු පාර්ශ්වවල සහය ලබාගැනීම අතිශය අසීරු වෙනු ඇත. බැසිල් රාජපක්ෂ සිංහල බෞද්ධ හිතෛශියකු නොවන බවට සහ ඔහුට එරෙහිව ඇති දූෂණ අක්‍රමිතතා චෝදනාද, වත්මන් ආණ්ඩුව පවත්වාගෙන යෑමේදී මේ කාලය තුල සිදුවූ ක්‍රියාකාරකම්වලදී ආණ්ඩු පාක්ෂිකයන් අපහසුතවයට පත් කෙරුණු බොහෝ තීන්දු තීරණ පි‍ටුපස්සෙ සිටියේ බැසිල් බවට වන මතයද ඔහුට බොහෝ අවාසි ගෙන එනු ඇත.

ඒ කොහොම නමුත් රාජපක්ෂ කඳවුරට තිබෙන විශාලම වාසිය වන්නේ නිවැරදි ශක්තිමත් නායකත්වයකින් තොරව විපක්ෂ කණ්ඩායම් දුර්වලට අඩපණව සිටීමය.

gota

Leave a comment

ld add copy

Connet With Us