පාස්කු කොමිසමේ වාර්තාව කැබිනට්ටුවට දුන්නේ කාගෙවත් බලපෑමකට නොවේ.

Published in Gossip
Tuesday, 23 February 2021 20:25

පාස්කු කොමිසමේ වාර්තාව කැබිනට් මණ්ඩලයට සහ කථානායකවරයාට ලබාදුන්නේ විපක්ෂයෙන් හා කාදිනල් හිමිපාණන්ගෙන් එල්ල වූ බලපෑම නිසා බව විපක්ෂයට පක්ෂපාතී සමාජ මාධ්‍යයයන් පෙන්වා දීමට උත්සාහ ගත්තත් එසේ නොවන බව ආණ්ඩුවේ ප්‍රකාශකයකු පෙන්වා දෙයි.

පාස්කු ඉරිදා දින මෙරට ස්ථාන කිහිපයකට එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කරන ලද කොමිෂන් සභාවේ වාර්තාව ඊයේ දින කැබිනට් මණ්ඩලයට යොමු කර තිබිණි. මෙසේ කැබිනට් මණ්ඩලයට මෙම වාර්තාව ලබා දීම ප්‍රමාද වූයේ එහි සිංහල පිටපත සකස් කර නොතිබූ නිසාය.

ඒ අනුව ඊයේ දින කැබිනට් මණ්ඩලයට සිංහල පිටපත් සමග පාස්කු කොමිෂන් වාර්තාව ඉදිරිපත් කළේ කිසිවෙකුගෙන් වූ බලපෑම නිසා නොවන බව එම ආණ්ඩුවේ ප්‍රකාශකයා පවසා සිටී. එසේම එළඹෙන බ්‍රහස්පතින්දා සභානායක දිනේෂ් ගුණවර්ධන විසින් මෙම පාස්කු කොමිෂන් වාර්තාව සභාගත කිරීමටද නියමිතව ඇත. කතානායක වරයාට අද දින ලබාදුන් වාර්තාවේ පිටපත සියලු මන්ත්‍රීවරුන්ගේ දැන ගැනීම සදහා පාර්ලිමේන්තුවේ පුස්තකාලයටද ලබා දී තිබිණි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගියදා හැත්ත තුන් වෙනි නිදහස් සමරු උළෙලේදීත් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනාටම දඬුවම් ලබා දෙන බවට ස්ථිර සාරව ප්‍රකාශ කර තිබිණි. ඒ අනුව ජනාධිපතිවරයා පෙබරවාරී පළමුවැනිදා තමා අතට පත් වූ වාර්තාවේ සිංහල පරිවර්තනය කළ විගසම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇත.

Leave a comment

ld add copy

Connet With Us