නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයට ගොස් එහි පැවැති 1200ක පිරිසකට කොවිඩ් එන්නත් ලබා දීමේ වැඩසටහන මෙසේ අගමැතිවරයා නිරීක්ෂණය කර තිබේ.
එන්නත් ලබා දීම කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රුවන් විජයමුණි ඇතුළු වෛද්‍ය කණ්ඩායම විසින් මෙහෙයවනු ලැබූහ.
නාරාහේන්පිට අභයාරාමාධිපති බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි ඇතුළු මහා සංඝරත්නය සහ වෛද්‍ය හා හෙද කාර්ය මණ්ඩල ඇතුළු ප්‍රදේශවාසීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.
-පංචාලි අබේසේකර