තමා සිදුකළ ප්‍රකාශය බොරුවක් ! අශෝක් සි.අයි.ඩී යෙදී පිළිගනි.

Published in පුවත්
Friday, 12 March 2021 09:01

සමගි ජන බලවේගයේ මන්ත්‍රී අශෝක් අබේසිංහ සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශය පදනම් විරහිත ප්‍රකාශයක් බව ඔහු විසින්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේදි පිළිගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ ප්‍රකාශ කර තබේ.

ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලබාගෙන ඉදිරි පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරයි.

පාස්කු ප්‍රහාරය පිළිබඳ කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් අශෝක් අබේසිංහ දින දෙකක් මග හැර සිට ඊයේ දිනයේ (11) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දීමට පැමිණියා. එහිදී පැය 05 කට අධික කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ අබේසිංහ මහතා ප්‍රකාශයක් දී තිබුණි.

පාස්කු ප්‍රහාරයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ සම්බන්ධ බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ පසුගියදා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කරනු ලැබීය. එසේම ඒ සදහා මුදල් ලබා දී ඇත්තේ අවේන්ගාඩ් සභාපති නිස්සංක සේනාධිපති බවත් ඔහු එහිදී සදහන් කර ඇත.

පසුව අදාළ ප්‍රකාශයට එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කළ තිබුණා . ඊට අදාළවයි මන්ත්‍රී අශෝක් අබේසිංහගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකශ ලබා ගෙන ඇත්තේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us