අසාද් සාලිව වහා අත්ඩංගුවට ගන්න - මුසම්මිල්

Published in පුවත්
Thursday, 11 March 2021 16:03

ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහු වහාම අත්ඩංගුවට ගන්නා ලෙස තමන් පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කරන බව ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් ප්‍රකාශ කරයි.

මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මේ බව සදහන් කරේ අද (11) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ප්‍රසිද්ධ හමුවක් පවත්වමින් මෙරට නීතියට අභියෝග කරන තැනට ඉස්ලාම් අන්තවාදීන් පත්ව ඇතැයි මුසම්මිල් එහිදී සදහන් කර ඇත.

එහිදී අදහස් දැක්වු ඒ මුසම්මිල් මන්ත්‍රීවරයා ,

“මෙහෙම කියනවා කියන්නේ ඉතා පැහැදිලිව දැඩි තර්ජනයක් එල්ල කරනවා මේ රටේ අනෙකුත් ජන කොටස්වලට හා ඔවුන්ගේ අන්තවාදී මතයන්වලට එරෙහිව නොවන අයට අපි මුස්ලිම් නීතිය වෙනස් කරොත් තව සහරාන් කෙනෙක් එවනවා කියන පණිවුඩය තමයි වෙනත් ආකාරයකින් අසාද් සාලි කියන්නේ. වයස අවුරුදු 12 ක දැරියක් විවාහ කරගෙන තමන්ගේ දුවගේ දුවවත් විවාහ කරගන්න පුළුවන් මානසිකත්වය තමයි අසාද් සාලි ඉන්නේ. මොන තරම් පහත් මානසිතක්වයකින් ද මේ කටයුතු කරන්නේ. ඒ නිසා පුද්ගලයා හෝ ජාති ආගම් මත නීති වෙනස්වීම ශිෂ්ඨ සම්පන්න ලෝකේ පිළිගන්න දෙයක් නෙමෙයි. චාරිත්‍ර වාරිත්‍ර උප සංස්කෘතීන්වලට පවතින්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි මේ නීති වෙනස් කළා කියලා අසාද් සාලිට ඌරු මස් කරන්න කියලා කවුරුත් කියන්නේ නෑ. සිංහල, මුස්ලිම්, දෙමළ මිනිස්සුන්ව ඇඳුමින් වෙන් කළා. ඊට පස්සේ ආහාරවලින් වෙන්කළා හලාල් කියලා ගෙනල්ලා. අධ්‍යාපනයෙන්, උසාවියෙන් වෙන්කළා. ඒ කරලා අසාද් සාලිලාට තමන්ගේ පටු දේශපාලන උවමනාවන් ඉටුකර ගන්න සහරාන්ලාට තවත් මරාගෙන මැරෙන බෝම්බකරුවන් නිර්මාණය කර ගැනීමට තමයි මේ වෙනම නීති ඉල්ලන්නේ. රටේ නීතියට අභියෝග කරන අසාද් සාලිලාට විරුද්ධව අපි විශ්වාස කරනවා නීතිපති තුමාත් පොලිස් දෙපාර්තමේන්තුවත් ක්‍රියාත්මක වෙයි කියලා.“ යනුවෙන් සදහන් කර තිබේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us