බිම්ස්ටෙක් රැස්වීමට මියන්මාරයට ආරාධනා කිරීම ගැන විපක්ෂ නායකගෙන් චෝදනා !

Published in පුවත්
Friday, 12 March 2021 10:26

මෙරට පැවැත්වීමට නියමිත බිම්ස්ටෙක් අමාත්‍ය මණ්ඩල රැස්වීම සඳහා මියන්මාර රජයේ විදේශ අමාත්‍යවරයාට ආරාධනා කිරීම ගැටලු සහගත බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකශ කර තිබේ.

ඔහු පෙන්වා දෙන්නේ එමඟින් තහවුරු වන්නේ වත්මන් මියන්මාර් පාලනය ශ්‍රී ලංකා රජය පිළිගෙන ඇති බවයි. ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ,

“ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරමින් මිලිටරිකරණයක් හරහා මියන්මාරයේ ඊනියා ආණ්ඩුවක් අව නීතියෙන් බිහිවුණ ආණ්ඩුවක් අද නිර්මාණය වෙලා තියෙනවා. වර්තමාන ශ්‍රී ලංකා ආණ්ඩුවේ විදේශ අමාත්‍යවරයා මියන්මාරයේ සිදුවුණ මිලිටරිකරණ ඒකාධිපති වියරුව නොසලකා මිලිටරි ඊනියා ආණ්ඩුවකින් බිහිකරපු විදේශ අමාත්‍යවරයාට ලිපියකින් ආරාධනා කරනවා බිම්ස්ටෙක් සමුළුවට සහභාගි වෙන්න කියලා. මේක ජාත්‍යන්තර සබඳතා තුළ සිදුවෙන දෙයක් මම හිතන්නේ මේ රජයට ජාත්‍යන්තර සබඳතා පිළිබඳ වැඩි දැනුමක් නොමැති තත්ත්වයක් තුළ මේ බරපතළ වරද ක්‍රියාත්මක කරලා තියෙන්නේ. “ යනුවෙන් සදහන් කර තිබේ.

මේ අතර අදාළ ආරාධනය සිදුකිරීම සම්බන්ධයෙන් ඊයේ දිනයේ විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.

බිම්ස්ටෙක් සමුළුවට සමාගීව පැවැත්වෙන 17 වෙනි බිම්ස්ටෙක් අමාත්‍ය රැස්වීම ලබන අප්‍රේල් මස 01 වන දින කොළඹදී පැවැත්වීමට සැලසුම් කර ඇති අතර ඒ සඳහා සියලුම සාමාජික රටවලට ආරාධනා කිරීම සිදුකරන බැවින් මියන්මාර රජයටද එම ආරාධනය සිදුකර ඇති බව එහි දැක්වේ.

එමඟින් වත්මන් මියන්මාර පාලනය පිළිගැනීමක් සිනොවන අතර බිම්ස්ටෙක් සමුළුව පිළිබඳ ලේඛනවල කටයුතු අවසන් කිරීමේ අරමුණෙන් සාකාච්ඡාවලට සහභාගී වීම සඳහා සියලුම සාමාරික රටවලට සිදුකෙරෙන ආරාධනයක් පමණක් වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සිය නිවේදනය මඟින් සඳහන් කර තිබේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us