අශෝක් සිදුකළ බොරු ප්‍රකාශයට ජනපති ප්‍රතිචාර දක්වයි

Published in පුවත්
Saturday, 13 March 2021 14:09

සමගි ජන බලවේගයේ මන්ත්‍රී අශෝක් අබේසිංහ සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අදහස් පළ කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන "ගම සමඟ පිළිසඳර" වැඩසටහනේ 14 වන අදියර අද ගාල්ල, හික්කඩුව, ගලගොඩ ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් පැවැත් වු අතර එයට සහභාගී වු ජනාධිපතිවරයා එම අදහස් පළ කළේය.

එහිදී අදහස් දැක්වු ජනාධිපතිවරයා,

“පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන එක්තරා විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරයෙක් චෝදනා කරලා තිබුණා මේක පිටුපස්සේ, මමත්, බැසිල් රාජපක්ෂ මහතා හා නිශ්ශංක සේනාධිපති කියලා. මම CID එකට කිව්වා මේ තොරතුරු ඔයගොල්ලෝ අරගන්න. මන්ත්‍රීතුමාට එන්න කියලා දන්න දේ කියන්න කියලා. තොරතුරු වසන් කිරීම සාපරාධී ක්‍රියාවක්. ඒ තොරතුරු අහන්න ගියාම ඒ මන්ත්‍රීතුමා කියනවා මම දන්නේ නෑ. මට සිහිහ නැති වුණා කියනවා. මට අමතක වුණා. එහෙම තොරතුරක් දන්නේ නෑ කියනවා. ඔය වගේ තමයි අමතක වෙන, දන්නේ නැති, සිහිය නැතිවෙන මේ තොරතුරු තමයි ජනතාවට ගෙනල්ලා දෙන්නේ. අපි ඕක ඇහුවේ නැත්නම් ඕක ජනගත වෙනවා. ඔය වගේ අභූත චෝදනා තමයි විපක්ෂය හැමවෙලේම ගේන්නේ. මේක දේශපාලනය ගාව ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක ජාතික ප්‍රශ්නයක්. එවැනි ජාතික ප්‍රශ්නයක දීත් අභූත චෝදනා විපක්ෂය නඟනවා නම් තමුන්නාසේලාට හිතාගන්න පුළුවන් අනිත් දේ ගැන කොහොම චෝදනා ද කියලා. විපක්ෂයක් හැටියට චෝදනා නගන්න පුළුවන් රජයට. නමුත් ඒවා සත්‍ය තොරතුරු වෙන්න ඕනේ. ජනතාව මුලා කරන තොරතුරු වෙන එක හොඳ නෑ. ඒවා නෙමෙයි අපි දේශපාලඥයින්ගෙන් බලාපොරොත්තු වෙන්නේ.“

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us