තමන් මෙම කැබිනට් පත්‍රිකාවට පසුගිය සිකුරාදා(12 ) අත්සන් තැබූ බව මහජන ආරක්ෂක ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර පවසා තිබිණි.
මුස්ලිම්වරුන්ගේ සාම්ප්‍රදායික ඇඳුමක් නොවූ බුර්කාව (මුහුණ සම්පූර්ණයෙන්ම වසාගෙන අඳිනු ලබන කාන්තා ඇඳුම) පසුගිය කාලයේදී ජාත්‍යන්තර ත්‍රස්තවාදී ක්‍රියාවලදී පවා යොදාගත් බව අනාවරණය විය. පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමග මෙරටදීත් බුර්කාව තහනම් කිරීමට පාස්කු ප්‍රහාරය සම්බන්ධ සොයා බලන ජනපති කොමිසමේදීත් නිර්දේශ වී තිබේ.
ඒ අනුව පාස්කු ඉරිදා ප්‍රහාරය සමඟ මෙරට තුළ බුර්කාව තහනම් කළ යුතු බවට ජන කොටස් වෙතින් දැඩි ඉල්ලීම් ද ඉදිරිපත්ව තිබූ නමුත් මුස්ලිම් දේශපාලන පක්ෂ සහ මානව හිමිකම් සංවිධාන ඊට විරෝධය පළ කර තිබිණි.
-පංචාලි අබේසේකර