“බසයෙන් අනාගතයට” දෙවැනි අදියරට

Published in පුවත්
Monday, 15 March 2021 10:10

ධාවනයෙන් ඉවත් කළ ලංගම බස් රථ, පුස්තකාල ලෙස ප්‍රතිනිර්මාණය කර පුස්තකාල පහසුකම් නොමැති පාසල් සඳහා ලබා දීමේ “බසයෙන් අනාගතයට” ව්‍යාපෘතියේ දෙවැනි අදියර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී ක්‍රියාවට නැඟිණි.

දිස්ත්‍රික්ක 20ක පුස්තකාල පහසුකම් නොමැති පාසල් 20ක් සඳහා බස් පුස්තකාල ලබා දීම එහි දී සිදුවිය.

“බසයෙන් අනාගතයට” පළමු අදියර අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පසුගිය ඔක්තෝබර් 01 වැනිදාට යෙදුණු ලෝක ළමා දිනය දා ක්‍රියාත්මක විය. එදින දිස්ත්‍රික්ක 5ක තෝරාගත් පාසල් 5ක් සඳහා බස් පුස්තකාල ප්‍රදානය කෙරිණි.

දෙවන අදියර යටතේ දිස්ත්‍රික්ක 20ක තොරාගත් පාසල් 20කට මෙසේ බස් පුස්තකාල බෙදා දීමත් සමඟ දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි බස් පුස්තකාල පිරිනමා තිබීම විශේෂත්වයකි.

"අපි බලයට පැමිණීමට පෙර සිදුවුණේ භාවිතයට ගත නොහැකි බස් රථ කැබලි කර පරණ යකඩවලට විකුණන එක. පසුගිය රජය එවැනි බස් රථ මුහුදට දැම්මා. ලංගම සේවකයින් එයට කැමැත්තක් දැක්වූයේ නැහැ. මෙම ව්‍යාපෘතිය මගින් ධාවනයෙන් ඉවත් කරන බස් රථය අංග සම්පුර්ණ පුස්තකාලයක් බවට පත් වෙනවා. කිසිදු ලෙසකින් හෝ පුස්තකාල පහසුකමක් නැති පාසල්වලට අප මෙම බස් රථ ලබා දෙනවා. ඊට නොමිලේ ලබා දෙන අන්තර්ජාල පහසුකම් ඇතුළත් වෙනවා. තවත් බස් රථ 34ක් දැනට මේ ආකාරයෙන් ම සකස් කරමින් තිබෙනවා." යැයි රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සඳහන් කර තබේ.

බස් පුස්තකාල හිමි වන පාසල්වල විදුහල්පතිවරුන්ට, ආචාර්යවරුන්ට සහ දරුවන්ට සංකේතාත්මකව බස් පුස්තකාල පිරිනැමු මම මෙලෙස ප්‍රතිනිර්මාණය
කළ බස් පුස්තකාලයක පීත්ත පටිය කපා විවෘත කර එහි නිමාව, පොත් පත් සහ පහසුකම් අග්‍රාමාත්‍යවරයාගේ පරික්ෂාවට ලක් විය.

-පංචාලි අබේසේකර

b1b3b4b5b6b7

Last modified on Monday, 15 March 2021 10:14

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us