එසේම සමෘද්ධි ලාභීන් සහ අඩු ආදායම් ලාභීන් යොදා ගනිමින් වැලි කර්මාන්තය කරගෙන යෑමට කටයුතු කරන බවද අමත්‍යවරයා සදහන් කර ඇත.
අමාත්‍යවරයා මේ බව සදහන් කර ඇත්තේ අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
"එක පුද්ගලයාට වැලි බලපත්‍ර 75ක් 100ක් තියෙන තත්ත්වයක් තියෙන්නේ. ඒ නිසා අපි ඒ තත්ත්වය වෙනස් කරලා ලබන සතියේ සිට සමෘද්ධි ලාභීන් සහ අඩු ආදායම් ලාභීන් යොදා ගනිමින් වැලි කර්මාන්තය කරනවා. ජාවාරම්කාරයින්ගෙන් වැලි කර්මාන්තය ඉක්මණින්ම බේර ගන්නවා."
අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඇස්බැස්ටෝස් භාවිතය තහනම් කිරීමට ද කඩිනමින් කටයුතු කරන බවයි.
-පංචාලි අබේසේකර