බැංකු ණය නොගෙවූ අයගේ දේපළ පවරා ගැනීම වෙනුවට සහන කාලයක් -අගමැති

Published in පුවත්
Tuesday, 16 March 2021 10:15

පාස්කු දින ප්‍රහාරය සහ කොවිඩ්-19 වසංගතය හේතුවෙන් බැංකු ණය ගෙවා ගැනීමට නොහැකි වූ ව්‍යවසායකයින්ගේ දේපළ අත්පත් කර ගැනීම වෙනුවට සහන කාලයක් ලබා දීමට ඇති හැකියාව පිළිබඳ අවධානය යොමු කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඊයේ (15) දින බැංකු ප්‍රධානීන්ට දැනුම් දී ඇත.

බැංකු ණය ගෙවා ගැනීමට නොහැකි වූ ව්‍යවසායකයින්ගේ දේපළ අත්පත් කර ගැනීම තාවකාලිකව අත්හිටුවීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශයේ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.

එසේම ව්‍යවසායකයින්ගේ මූල්‍ය ගැටලුවලට සහන ලබාදීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය, මහ බැංකුව සහ අදාළ බැංකු සමඟ එක්ව අවසන් තීන්දුවකට එළැඹෙන ලෙස ද අග්‍රාමාත්‍යවරයා උපදෙස් දී ඇත.

දීර්ඝ කාලයක් තිස්සේ මෙවැනි ගැටලු පවතින නිසා කිසිදු පාර්ශ්වයකට අවාසියක් සිදු නොවන ආකාරයට ඒවා විසඳීම වැදගත් බව එහිදී අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර ඇත.

බැංකු ණය ගෙවා ගැනීමට නොහැකි පාර්ශ්ව සඳහා සහ බැංකු පාර්ශ්වය සඳහා අසාධාරණයක් නොවන ආකාරයේ ගැටලු විසඳා දෙන රජයේ මැදිහත්වීමක් අවශ්‍ය බව පෙන්වා දුන් අගමැතිවරයා ඒ වෙනුවෙන් නෛතික බලයක් සහිත රජයේ ආයතනයක් හෝ බලධාරියෙකු සේවයේ පිහිටුවීම පිළිබඳව අවධානය යොමුකරන ලෙස ද උපදෙස් දී ඇත. ඒ ඔස්සේ ලීසිං ඇතුළු එක් එක් ක්ෂේත්‍රවල අදාළ පාර්ශ්ව සඳහා සහන ලබා දීමේ හැකියාව පවතින බව ද අගමැති එහිදී ප්‍රකාශ කර තිබේ.

-පංචාලි අබේසේකර

m1m3m2m4m5m6m7

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us