සමෘද්ධිලාභීන් ව්‍යවසායකයින් ලෙස නගාසිටුවීමට අගමැතිගෙන් උපදෙස්

Published in පුවත්
Tuesday, 16 March 2021 10:38

සමෘද්ධිලාභීන් දිගින් දිගට ම ණය සහ ආධාර මත යැපෙන පිරිසක් බවට පත්නොකර ව්‍යවසායකයින් ලෙස නඟා සිටුවීමේ ක්‍රමවේදයක් අවශ්‍ය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කර තිබේ.

සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මුල්‍ය ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සංවර්ධන වැඩසටහන් පිළිබඳව මුදල් අමාත්‍යාංශ රන්දොර ශ්‍රවණාගාරයේ පැවැති විශේෂ සාකච්ඡාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

මේම අවස්ථාවට සම්බන්ධ වූ රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මෙම විශේෂ හමුවේ අරමුණ සහ ඉදිරි සංවර්ධන වැඩසටහන් පිළිබඳව පැහැදිලි කර ඇත.

මේ වන විටත් සමෘද්ධි සහනාධාර ලබන නමුත් තව දුරටත් එම සහනාධාර අවශ්‍ය නොවන පිරිස් සමෘද්ධි සහනාධාර වැඩසටහනින් ඉවත් කිරීම සඳහා මෙතෙක් ක්‍රමවත් වැඩපිළිවෙළක් සකසා නොමැත. එහෙයින් සමෘද්ධිලාභීන් සිය කැමැත්තෙන් ඉවත්ව යෑමේ දී 4%ක සහන පොලී අනුපාතය යටතේ රුපියල් ලක්ෂ 5ක ණයක් ලබා දීම ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට මෙහි දී තීරණය විය.
දිවයින පුරා පවුල් 1762655 සමෘද්ධි සහනාධාරය ලබන අතර ඒ වෙනුවෙන් රජය වාර්ෂිකව රුපියල් මිලියන 53000ක් වැය කරයි. මෙයට අමතරව සමෘද්ධි කාන්තා ව්‍යවසායකයින් 25000 ක් සවිබල ගැන්වීමේ වැඩසටහන ග්‍රාම සේවා වසම් 14000ක ක්‍රියාත්මක වේ. මේ වසර අවසන් වන විට නිෂ්පාදන ගම්මාන 500ක් රට පුරා බිහි කිරීමේ වැඩසටහන යටතේ ගම්මාන 50ක කටයුතු මේ වන විට ආරම්භ කර ඇත.

ආබාධිත පිරිස් හඳුනා ගනිමින් ඔවුන් ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීමට හා තැලසීමියා රෝගයෙන් පෙළෙන ජනතාවට යම් සහනයක් ලබා දෙන ලෙස ද අග්‍රාමාත්‍යවරයා අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

ජනාධිපති කාර්යය සාධක බලකාය මගින් සියලු අමාත්‍යංශ හා ඒකාබද්ධව සමෘද්ධිලාභීන් සහ පොරොත්තු ලේඛනවල සිටින අඩු ආදායම්ලාභීන් සවිබල ගැන්වීමට අවශ්‍ය කටයුතු විධිමත් කිරීම පිළිබඳව ද මෙහි දී අගමැතිගේ අවධානය යොමු විය.

-පංචාලි අබේසේකර

raja1raja2raja 3raja4raja5raja6

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us