මෙවර පාළාත් පාලන ඡන්ද විමසීමෙන් අනතුරුව එහි ප්‍රතිපළය කවරක් වූවත් ආණ්ඩුව තුල බරපතල දේශපාලන විපර්යාසයක් වනු ඇති බව ආණ්ඩුවේ ආරංචි මාර්ග පෙන්වා දෙයි. ජනාධිපතිවරයා දැනටමත් ප්‍රකාශ කර ඇති පරිදී මෙරට ආර්ථිකයේ හැසිරවීම තමා විසින් බාර ගන්නා බවට කළ ප්‍රකාශය තහවුරු කරමින් මේ වන විට අගමැති රනිල් වික්‍රමසිංහ යටතේ ඇති මහ බැංකුව, මුදල් ඇමැති මංගල සමරවීර යටතට පත් කිරීම සිදුවීමට නියමිත අතර මංගල සමරවීර මහතාද යළි දේශපාලන පිම්මක් පනිමිත් ජනාධිපතිවරයාට සහය දක්වන පිලිවෙතකට යෑම සිදු වීමට නියමිතය.

අද දින (26) ජනමාධ්‍ය ආයතන ප්‍රධානින් හමුවේ පැවැති සාකච්ඡාවේදී පසුගිය වසර 10 තුල ශ්‍රීලංකාව රුපියල් ට්‍රිලියන 10 ( බිලියන 10,000 ක්/ කෝටි ලක්ෂයක්) ක මුදලක් විදේශ ණය ලෙස ලබා ගෙන තිබෙන නමුත් මුදල් අමාත්‍යංශ ලේඛන මඟින් වත්කම් ලෙස පෙන්වීමට හැකියාව ඇත්තේ රුපියල් ට්‍රිලියන 01 වත්කම් පමණක් බවට කළ ප්‍රකාශය පට්ට පල් බොරුවක් බව හෙළිව තිබේ. මෙම ප්‍රකාශයට අනුව රුපියල් බිලියන 9,000 කට වෙච්ච දෙයක් නැත..මුල්‍ය ක්ෂේත්‍රයේ තතු දත් අය මේ තවත් ලෝක විහිළුවක් බව පවසති.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ සුවිශේෂී ප්‍රකාශයක් කළේය. ඒ එජාපයට වසර තුනක් තිස්සෙ ආර්ථිකය හැසිරවීමට භාර දී තිබු බවත් දැන් එයා බාර ගන්නා බවත්ය. මෙය බරපතල ලෙස සිනහා වීමට කාරනයක් වන නුමුත් එක පැත්තකින් අඬන්නටද සිදුවෙන කතාවකි. 

සාම්ප්‍රදායික මාධ්‍යවේදියා විශ්වසනීයත්වයෙන් තොර වාර්තාකරණය සහ කිසිදු පදනමකින් තොරව ප්‍රවෘත්ති නිෂ්පාදනය කිරීම මෙම තත්ත්වයට හේතු වී ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. මංගල සමරවීර මහතා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය මගින් මාතර දිස්ත්‍රික්කයේ පාසල් ගුරුවරුන් වෙනුවෙන් සංවිධානය කළ වැඩමුළුව අමතමිනි. එම වැඩමුළුව අද (19) මාතර පර්ල් ක්ලිෆ් හෝටලයේ දී පැවැත්විණි.

අපි බලයට ආවේ දූෂණය හා වංචාව නවත්වන්නයි. පක්‍ෂ පාට තනතුරු කුමක් වුණත් දූෂිතයන්ට දඬුවම් ලබා දෙන්නයි.

එක්සත් ජාතික පක්ෂය විවේචනය කරන ශ්‍රීලනිප මන්ත්‍රීවරු ඉලක්ක කර දැඩි ප්‍රහාරයක් එල්ල කිරීමට එජාපය තීන්දුවක් ගෙන තිබේ. අද පැවැති කෘත්‍යධිකාර මණ්ඩලයේදී මේ සම්බන්ධයෙන් තියුණු සාකච්ඡාවක් ඇතිව තිබේ.

' පසුගිය ජනවාරි මස 10 වැනි බදාදා පාර්ලිමේන්තුවේ සභා ගර්භය තුළදී ඇතිවූ කනගාටුදායක සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සමාජගත වෙමින් පවතින සත්‍යයෙන් තොරව පළවන විකෘති කරන ලද විද්‍යුත් හා මුද්‍රිත වාර්තාකරණය පිළිබඳ සත්‍ය තත්ත්වය පැහැදිලි කළ යුතුව ඇත.

රාජ්‍ය පාලකයා තමන්ගේ බල ලෝබී ව්‍යාපෘතිය සාධාරණීයකරණය කර ගැනීමට සහතිකයක් කොට ගන්නෙ අධිකරණ තීන්දුවය. තමට අවශ්‍ය ලෙස ඊට විනිසුරුවරුන් පත් කිරීම හා තමන්ට අවශ්‍ය තීන්දුව ඔවුන් ලවා ලියවා ගැනීමේ ඉතිහාසයක් මේ ලංකාවේ අපටද තිබේ...

ld add copy

Connet With Us