සංචරණ සීමා කාලයේ යන්න එන්න පාටක්

Published in පුවත්
Monday, 07 June 2021 13:12

සංචරණ සීමා කාලය තුල අත්‍යවශ්‍ය රාජකාරි කටයුතු වෙනුවෙන් යෙදවෙන වාහන පහසුවෙන් හඳුනා ගැනීමටත්, රථ වාහන තදබදය, ප්‍රමාදයන් වලක්වා ගැනීමත් වෙනුවෙන් ශ්‍රී ලංකා පොලීසිය නව ක්‍රමවේදක් හඳුන්වා දී තිබේ. මෙම ක්‍රමවේදය අද (07) සිට ක්‍රියාත්මක වේ.

අදාල වාහන වෙන් වෙන් වශයෙන් හඳුනාගැනීම වෙනුවෙන් වර්ණ 11 කින් යුතු කාණ්ඩ වශයෙන් වර්ණ ස්ටිකර මෙම වාහනවල ඇලවීමට කටයුතු කර තිබේ. මේ අනුව විශේෂ පරික්ෂාවකින් තොරව මෙම වාහනවලට ගමන් කිරීමේ පහසුව ලැබී තිබෙන අතර සංචරණ සීමා උල්ලංඝනය කරමින් ගමන් ගන්නා වහන හඳුනා ගැනීමේ පහසුවද පොලීසියට ලැබී ඇත.

පසුගිය සංචරණ සීමා කාලය තුළ කොළඹ නාගරික වාහන බාවිතය බහුලව සිදුව තිබෙන බව හඳුනාගෙන තිබිණි. මේවා පරික්ෂා කිරීමට පොලිසියට කටයුතු කිරීමට සිදුවීම මත අත්‍යවශ්‍ය රාජකාරී සඳහා යොදා ගත් වාහනවලට පවා මහ මඟ ප්‍රමාද වීමට සිදුව තිබිණි.. මේ සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව වෙතින් චෝදනා එල්ල වීමත් නිසා මෙම නව ක්‍රමය හඳුන්වා දී ඇත.

කොහොම නමුත් වත්මන් වසංගත තත්වයන් හමුවේ රටට මුහුණ දීමට සිදුව තිබෙන අලුත් අභියෝග ජය ගැනීම වෙනුවෙන් අලුත් ප්‍රතිපත්තිමය තීන්දු, නීති රීති, ක්‍රමවේදයන් පමණක් නොව අලුත් සෞඛ්‍ය පුරුදු පවා නිර්මාණය කරගැනීමට සිදුව තිබේ. මෙම නව ස්ටිකරය හඳුන්වා දිමත් එහි ප්‍රතිපලයක් වන අතර මෙයා වඩා සාර්ථක ක්‍රමවේදයක් වෙනු ඇති බව ශ්‍රී ලංකා පොලිසිය පෙන්වා දෙයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ පිළිබඳ පැහැදිළි කළේ මෙසේය.

“සංචරණය සීමා කර ඇති කාලය තුළ අත්‍යවශ්‍ය සේවාවලට සහ මානුෂිය කාරණා සඳහා ගමන් කරන පිරිස් ප්‍රමාදයකින් තොරව ගමන් කිරීමට අවශ්‍ය නිසි ක්‍රමවේදයක් සකස් කරන්න මෙම නව ස්ටිකර් ක්‍රමය 07 වෙනිදා සිට භාවිත කරනවා. මාර්ග බාධක කිහිපයකදී එකම වාහනය පරීක්ෂාවීම වැළැක්වීමට මෙම නව ක්‍රමයට හැකියාව තිබෙනවා. හෙට දින උදෑසන මෙම නව ක්‍රමවේදය කොළඹට ඇතුළුවන මාර්ග සියල්ලේම ක්‍රියාත්මක වෙනවා.”

ස්ටිකර් වර්ග 11 ඛාණ්ඩ වශයෙන් මෙසේය

කොල වර්ණය - සෞඛ්‍ය සේවා

ලා නිල් පැහැති වර්ණය - ත්‍රිවිධ හමුදා, පොලිස් වාහන

දම් වර්ණය - පුද්ගලික අංශයට අයත් අත්‍යවශ්‍ය සේවා

ලා දුඹුරු වර්ණය - ආනයන, අපනයන, නිෂ්පාදන, කර්මාන්තශාලා ක්ෂේත්‍රය

කහ වර්ණය - අත්‍යවශ්‍ය සැපයුම්

රතු වර්ණය - අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා හැරීම්

තැඹිලි වර්ණය - මාධ්‍ය සහ සන්නිවේදන ආයතන

සුදු වර්ණය - විදේශගතවීම් සම්බන්ධ කටයුතු

කළු වර්ණය - මානුෂීය හේතූන් (අවමංගල්‍ය, වෛද්‍ය පරීක්ෂණ, ඖෂධ ගැනීම).

අළු වර්ණය - පිසූ ආහාර සහ ඩිලිවරි සේවා

එසේම රාජ්‍ය අංශයේ අනෙකුත් රාජකාරී සඳහාත් විශේෂිත වර්ණයකින් යුත් ස්ටිකරයක් හඳුන්වා දී තිබේ.

මේ පිළිබඳ තවදුරටත් කරුණු දක්ව අජිත් රෝහණ මහතා,

“ඔබ යතුරුපැදියකින් එනවා නම් අපි ඒ ස්ටිකරයේ සඳහන් කරනවා එක් අයෙක් කියලා. දෙන්නෙක් නම් ඒ දෙන්නා සම්බන්ධව එහි සඳහන් කරනවා. මේ ස්ටිකරය නැවත සංචරණ සීමා ඉවත් කරන තුරුම වලංගුයි. ''

යම් වාහනයක ගමන් කරන්නේ 5 දෙනෙක් බව අදාළ ස්ටිකරයේ සඳහන් කිරීමෙන් පසු 6 දෙනෙක් රැගෙන යෑමේ හැකියාවක් නෑ. මේ ස්ටිකරය ලබා දෙන්නේ ඒ අයගේ සේවා හැඳුනුම්පත, ජාතික හැඳුනුම්පත, ආයතනය විසින් නිකුත් කර ඇති ලිපිය පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි. ඒ අනුව 07 දා සිට කොළඹට ඇතුළු වන ප්‍රදේශවලදී මාර්ග බාධකවලදී මේ ස්ටිකරය හඳුන්වාදී නිසා යම් ප්‍රමාදයක් වෙන්න පුළුවන්.

අද දිනයේ එම ස්ටිකරය ලබා ගැනීමට නොහැකි වූ පිරිසට හෙට දිනයේත් එය ලබාගැනීමේ හැකියාව තිබෙනවා. මෙම ස්ටිකරය සහිත වාහනයේ වෙනත් අය ගමන් කළොත් වෙනත් කටයුතු සඳහා යොදා ගෙන තිබුණොත් එය බරපතළ වරදක්. එවැනි වාහන පොලිස් භාරයට ගන්නවා.”

s

stiker

Last modified on Monday, 07 June 2021 13:15

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us