මුළු රටටම බලපැවෙත්වෙන පරිදි සති තුනක් තිස්සේ සංචරණ සීමා පැනවීම නිසා පාරිභෝගිකයන්ට ජල බිල්පත් ගෙවීමට අපහසුතා පැන නැගී ඇති හෙයින් ඒ තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම සහනය ලබා දීමට සැලසුම් කර ඇත.
එසේම සංචරණ සීමා අවසන් වූ පසු බිල්පත් ගෙවීම සඳහා ද සුදුසු කාලයක් දෙන බවත් එම කාලය මාසයකට ආසන්න කාලයක් ලබාදීම කෙරෙහි අවධානය යොමුව ඇති බව සඳහන් වේ. කොරෝනා රෝගීන්ගේ ආශ්‍රිතයන් වී නිරෝධායනය වන පවුල් සඳහා ද ජල බිල්පත වෙනුවෙන් සහනයක් ලබා දීමට ඇමැතිවරයා මෙයට පෙර තීරණය කළේය.
-පංචාලි අබේසේකර