හම්බන්තොට රෝහල් හයකට වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක් !

Published in පුවත්
Monday, 07 June 2021 12:52

අමෙරිකාවේ කැලිෆෝනියා රෝහල් සේවා උපකාර පදනමෙන් (Hospital Services Support Foundation (HSSF) කොළඹ මහ රෝහලේ රෝහල් සේවා මණ්ඩලයට පරිත්‍යාග කළ වෛද්‍ය උපකරණ තොගයක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ රෝහල් හයක් සඳහා ප්‍රදානය කිරීමේ අවස්ථාව සමග ඊයේ දින (06) අගරමත්ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

මෙම වෛද්‍ය උපකරණ තොගය තංගල්ල පුරාණ කුඩා වනවාස විහාරස්ථානයේ දී තංගල්ල සහ වලස්මුල්ල මූලික රෝහල් සහ අම්බලන්තොට, වීරකැටිය, කටුවන සහ සූරියවැව දිස්ත්‍රික් රෝහල් සඳහා මෙලෙස බෙදා දුන්නේ රුහුණු කරළිය සංවිධානයේ ඉල්ලීමක් අනුව ය.
දිවයින පුරා රෝහල් 150කට පමණ මෙම පදනම (HSSF) විසින් මෙයට පෙර ද අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ හා ද්‍රව්‍ය පරිත්‍යාග කර තිබීම විශේෂත්වයකි.
කොළඹ මහ රෝහලේ රෝහල් සේවා මණ්ඩලයේ අධ්‍යක්ෂ පූජ්‍ය රජවැල්ලේ සුභූති නාහිමි, මහරගම සිරි වජිරඤාණ ධර්මායතනාධිපති, උතුරු ඇමෙරිකාවේ ප්‍රධාන සංඝනායක මහරගම ධම්මසිරි නාහිමි, තංගල්ල පුරාණ කුඩා වනවාස විහාරයේ විහාරාධිකාරී මන්ඩාඩුවේ ධීරානන්ද නාහිමි ඇතුළු මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කළහ.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන, දකුණු පළාත් සභාවේ සභාපති සෝමවංශ කෝදාගොඩ, හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් එච්.පී. සුමනසේකර, දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය දීපිකා පටබැඳිගේ, තංගල්ල මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී විශේෂඥ වෛද්‍ය දිල්කා සරණසිංහ, රුහුණු කරළිය සභාපති, අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ ලේකම් නිශාන්ත ජයසිංහ, ජ්‍යේෂ්ඨ උප සභාපති නීතිඥ විදුර වීරකෝන් යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

-පංචාලි අබේසේකර

hambanthota 1hambanthota 2hambanthota 3

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us