අත්‍යවශ්‍ය සේවාවලට සම්බන්ධ නොවී වාහන පදවන්නන් නිරෝධායනයට !

Published in පුවත්
Monday, 07 June 2021 11:06

සංචරණ සීමා සහ නිරෝධායන රීති උල්ලංඝනය කරමින් මාර්ගවල ගමන් කරන්නන් පිළිබඳව නව ක්‍රියාමාර්ග ගැනීමට මේ වනවිට පොලීසිය කටයුතු කරමින් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

ඒ අනුව, යම් පුද්ගලයෙක් අත්‍යවශ්‍ය සේවාවලට සම්බන්ධ නොවී වාහනයක් පදවන්නේ නම් සහ ඔවුන් නිරෝධායන රීති උල්ලංඝනය කරන බවට අනාවරණය වන්නේ නම් ඔවුන් නිරෝධායන කටයුතුවලට යොමු කරන ලෙසට සෞඛ්‍ය අංශවලින් ඉල්ලා සිටීමට පොලීසිය බලාපොරොත්තු වන බව අජිත් රෝහණ ප්‍රකාශ කර ඇත. එම පිරිස් සදහා අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටද පියවර ගන්න බව පොලිස්පති සදහන් කරයි.

මේ අතර නිරෝධායන නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයින් 913 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us