අවදානම් සහිත ගර්භණී මව්වරුන්ට එන්නත් ලබාදීම බදාදා සිට !

Published in පුවත්
Monday, 07 June 2021 09:16

දිවයින පුරා සිටින අවදානම් සහිත ගර්භණී මව්වරුන් සඳහා කොවිඩ් එන්නත් ලබා දීම මෙම බදාදා (09 වැනිදා) ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.

ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ ඉල්ලීම මත එන්නත්කරණයට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය ලැබී තිබේ. සාමාන්‍යයෙන් දිවයින පුරා රෝහල්වල ගැබිනි මව්වරු දෙලකෂ හැත්තෑපන්දහසක් වාර්ෂිකව ප්‍රතිකාර ලබති. එම පිරිසට එන්නත්කරණය සිදු කරන ලෙසට කළ ඉල්ලීමට සෞඛ්‍ය අමාත්‍යාංශය, පවුල් සෞඛ්‍ය කාර්යාංශය, යහපත් ප්‍රතිචාර දැක් වූ බව විද්‍යායතනයේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා පවසයි.

ගැබිනි මව්වරුන්ට එන්නත් ලබා දීමෙන් කොවිඩ් වසංගතයෙන් මව්වරුන් ආරක්ෂා වීම හා නව ජන්ම දරුවන්ටද ආරක්ෂාවක් ලැබෙන බව ඔහු අවධාරණය කර සිටියි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝවන රෝග පිළිබඳ උපදේශන කමිටුවේද එන්නත් ලබා දීමට අනුමැතිය ලැබී තිබේ. අවධානම් සහිත ගැබිනි මව්වරුන්ට නිර්නායක කිහිපයක් යටතේ එන්නත් ලබා දීම සිදු වෙයි. වයස, රෝගී තත්ත්වය, රෝගයට නිරාවරණය වීමේ හැකියාව මෙහි දී විශේෂයෙන්ම සලකා බැලෙයි. එන්නත්කරණය කිරීමෙන් සෞඛ්‍ය දර්ශක අතර ඉහළට ගමන් කිරීමට හැකියාව ඇති බව සභාපතිවරයා පෙන්වා දෙයි.

එන්නත්කරණය නිසි පරිදි සිදු කිරීමෙන් ගැබිනි මව්වරුන්ට කොවිඩ් වැළැක්වීම සඳහා එන්නත්කරණය කළ ලොව ප්‍රථම රට බවට ශ්‍රී ලංකාව පත්වන බව ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය පවසයි. මෙම බදාදා (09 වැනිදා) පෙ.ව. 9.00ට පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් පෙ.ව. 11.00ට බොරැල්ල කාසල් වීදියේ කාන්තා රෝහලෙන් එන්නත්කරණය කිරීමට සැලසුම් කර තිබේ.

-අරුණ

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us