සූවස් ඇලේ සිරවී තිබෙන විශාල බහාලුම් නෞකාව කඩිනමින් ඉවත් කිරීමට නොහැකි වුවහොත්, එය මෙරට ආර්ථිකයට බලපෑම් කරනු ඇතැයි විද්වතුන් පෙන්වා දී ඇත.

එම බහාලුම් නෞකාව පාපන්දු ක්‍රීඩාංගණ 4ක දිගට සමාන විශාලත්වය කින් යුක්ත ය.

මේනිසා දැනටමත් ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ද ඉහළ යාමේ ප්‍රවනතාවක් තිබෙන බවත් ලෝක ආර්ථිකයට ද බලපෑම් එල්ලවී තිබෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දිගින්400ක් සහ මීටර් 59 ක පළලින් යුත් මෙම නෞකාව පසුගිය අඟහරුවාදා චීනයේ සිට නෙදර්ලන්තයේ රොටර්ඩෑම් වරාය දක්වා ගමන් කරමින් සිටියදී සූවස් ඇලේ ඉවුරු දෙක අතර සිරවී තිබුණි .ඒ පැවති සුළං තත්ත්වය හේතුවෙන් ය.

තායිවානයේ එවර්ග්‍රීන් මැරායින් සමාගමට අයත් එම්.වී එවර්ගිවන් නමැති මෙම නෞකාවේ ඒ වනවිට බහාලුම් 20,000 ක් පමණ තිබූ අතර, නෞකාවේ බර ටොන් ලක්ෂ 2ක් පමණය .

මෙම නෞකාව ඇළ මාර්ගයේ සිරවීම හේතුවෙන් නෞකා 200කට ආසන්න සංඛ්‍යාවක් මේ වනවිට සිරවී ඇති අතර, මහා සාගරයේ මෑතකදී ඇති වූ විශාලම නෞකා තදබදය මෙය බවට සැලකෙනවා.

-දෙරණ

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ මැතිවරණ ක්‍රමය සංශෝධනය වියයුතු බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ඊයේ ප්‍රකාශ තිබේ.

මෙරටට ආනයනය කරන පිරිපහදු නොකරන ලද පොල්තෙල්වල සියයට 40 ක් පමණ විෂ සහිත රසායනික ද්‍රව්‍ය අන්තර්ගතවන බව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසයි.

පාස්කු ප්‍රහාරය එල්ලවීමට පෙර තමාට ඒ පිළිබඳව කිසිඳු දැනුම්වත්වීමක් නොතිබු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කර තිබෙනවා. හිටපු ජනාධිපති සිරිසේන මේබව ප්‍රකාශ කර ඇත්තේ පාස්කු කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කල්තැබීමේ විවාදයට අද (26) එක්වෙමින්ය.

සමූපකාර තොග වෙළඳ සංස්ථාවේ සේවකයන් දේශපාලන ක්‍රියාකාරකම්වල යොදවා දූෂණය නම් වරද සිදුකර ඇති බවට අල්ලස් කොමිසම විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට ගොනුකර තිබූ නඩුවෙන් අමාත්‍ය ජොන්ස්ටන් ඇතුළු චූදිතයින් තිදෙනා නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද නියෝග කර තිබේ.

-පංචාලි අබේසේකර

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව පිළිබඳව කල් තැබීමේ විවාදය සඳහා දැනට ලබාදී ඇති දින තුනට අමතරව තවත් දිනයක් ලබා දීමට පක්ෂ නායක රැස්වීමේදී එකඟතාවය හිමි වුණා.

ආණ්ඩුව සමඟ ඉදිරියට යෑමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අගතිගාමී වන තීරණ නොගන්නා බව එම පක්ෂ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර ප්‍රකාශ කර තිබෙනවා.

එළැඹෙන උත්සව සමයේදී පාරිභෝගිකයන්ට වස විස අඩංගු ආහාරපාන අලෙවි කරන වෙළෙඳුන්ට නීතිය තදින්ම ක්‍රියාත්මක කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුම් දී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරනවා.

ld add copy

Latest News

2026 වසරේදී ඉන්ධන ආනයන වියදම ඉහළ යා හැකි බවට පුරෝකථනයක්

2026 වසරේදී ඉන්ධන ආනයන වියදම ඉහළ යා හැකි බවට පුරෝකථනයක්

2026 වසරේදී ශ්‍රී ලංකාවේ ඉන්ධන ආනයන වියදම සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින්...

Connet With Us