කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් විදෙස් රටවල සිරවී සිටි තවත්, ශ්‍රී ලාංකිකයින් 423 දෙනෙකු කටුනායක ගුවන්තොටුපල හරහා දිවයිනට පැමිණ තිබෙනවා.

රංජන් රාමනායකගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් ලබන මාර්තු මස 16 දා තෙක් කිසිඳාු පියවරක් නොගන්නා ලෙස අභියාචනාධිකරණය පාර්ලිමේන්තු මහලේකම්වරයාට අද නියෝගයක් නිකුත් කර ඇත.

ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකිරීමෙන් අනතුරුව මාස දෙකක් වැනි කාලයක් තුළ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකියාව ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතීඥ නිමල් ජි. පුංචිහේවා ප්‍රකාශ කර තිබේ.

නකල්ස් කලාපයේ අඩි 3000ට ඉහළ ප්‍රදේශයේ එනසාල් වගාව තහනම් කිරීමත් සමග ලංකාවේ එනසල් හිඟයක් ඇතිවීම හේතුවෙන් එනසාල් කිලෝවක මිල රුපියල් දහතුන් දහසක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

විදේශ විනිමය ගැටළුවක් නිසා විදේශ ආනයනයන්ට පනවා තිබෙන දැඩී සීමාවන් සම්බන්ධයෙන් යුරෝප සංගමය සිය කනස්සල්ල ශ්‍රි ලංකා බලධාරීන්ට පළ කර තිබේ.

පාසල් පෙළපොතට අපරාධ නීතිය ඇතුළත් කිරීම පිළිබඳ යෝජනාවක් අධිකරණ අමාත්‍ය අලි සබ්රිගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (10 වැනිදා) පැවැති අධිකරණ කටයුතු පිළිබඳ අමාත්‍යංශයීය උපදේශක කාරක සභාවේදී ඉදිරිපත් වී තිබේ.

උසස් පෙළ විභාගයේ පැරණි නිර්දේශය සහ නව නිර්දේශය හේතුවෙන් පැනනැගී ඇති ගැටලුවට විසඳුමක් ලෙස විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කිරීමේදී ප්‍රමාණය 540 කින් වැඩි කිරීමට පියවර ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

ආර්ථික සහයෝගීතාව පුළුල් කිරීම සඳහා ජපානය සහ ශ්‍රී ලංකාව කරුණු සමාලෝචනය කොට සමකාලීන වශයෙන් අදාළ වන ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව තවදුරටත් තහවුරු කිරීම සඳහා එකඟතාවයකට පැමිණ ඇති බව විදේශ අමාත්‍යාංශය සඳහන් කර තිබේ.

ld add copy

Connet With Us