ශ්‍රීලංකාවේ ප්‍රගතිශීලී කඳවුරේ හෝ වමේ කඳවුරේ හෝ එහෙමත් නැත්න ජාතිකවාදී කඳවුරේ හෝ ආදී නම් වලින් හඳුන්වන බහුතරයක් දේශපාලන පක්ෂ හැමදාමත් කතා කළේ බටහිර අධිරාජ්‍යවාදය ගැනය, යැංකි අධිරාජ්‍යවාදය ගැනය. මේ විජාතික බලවේග මෙරට බිලි ගැනීම ගැන හෝ ගිල ගැනීමට සූදානමින් සිටින බවට අපි ඕනෑවටත් වඩා කතන්දර අසා ඇත්තෙමු ..අදත් මේ අය කියන්නෙ මේ කතන්දරමය.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මේ වසර තුල රුපියල් කෝටි 200කට අධික ලාභයක් ඉපයීමට සමත්ව ඇතැයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ කිසිදු ප්‍රදේශයකින් තේ කර්මාන්තය ආශ්‍රිතව කප්රා බීට්ල් නම් කුරුමිණි විශේෂය පිළිබඳ මෙතෙක් වාර්තා වී නැති බව ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනයේ සභාපති වෛද්‍ය එම් එම් ජේ පී ගවරම්මාන මහතා පවසයි. එබැවින් තේ නිෂ්පාදකයින් අනිසි බියක් ඇති කර ගත යුතු නැති බව ඒ මහතා වැඩි දුරටත් පවසා සිටී.

''රජය විසින් මිල අඩුකළ බෙහෙත් වර්ග 48 මිල නැවත වැඩිකරලා. අවසානයේ පාරිභෝගිකයාට ඉතුරු උනේ ඇමතිතුමාගේ කයිවාරැ විතරයි’ යයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.

එම සංවිධානයේ සභාපති රංජිත් විතානගේ විසින් නිකුත් කරන ලද නිවේදනයක එබව සඳහන් වේ.

මැතිවරණ ප‍්‍රතිඵලය යනු ජනමතය ප‍්‍රකාශ වන අවස්ථාවක් යැයිද මැතිවරණ යනු ජනමතය මනින මෙවලමක් යැයිද සාමාන්‍ය මතයක් පවතී. එහෙත් එය සත්‍යයක් නොවන බව විචාරශීලීව බලන ඕනෑම කෙනෙකුට පැහැදිළි වනු ඇත. අප ජීවත් වන සමාජය තුල ‘‘ජනමතය’’ යනු නිරායාසයෙන් ජනතාව තුළ පවතින දෙයක් නොව එය මුදල් බලය, මාධ්‍ය බලය, මැරබලය, දේශපාලන බලය යොදාගෙන ගොඩනගන ලද්දක්ය.

මෙවර පළාත්පාලන මැතිවරණයෙන් පසුව ස්ථිර වශයෙන්ම විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂ දේශපාලනයෙද විශ්‍රාම ගැනීමට නියමිත බව එම පවුලේ ආරංචි මාර්ග පවසයි.

පසුගිය දින කිහිපයක සිට දේශපාලන රඟමඩලෙහි ගෝඨාබය නාඩගම පෙන්වයි. මේ නාඩගම අනුව පෙනෙන්නේ රාජපක්ෂ දෙවොල ගිනි ගෙන දැවෙන බවකි.

එළඹෙන පළාත් පාලන මැතිවරණයත් සමඟ ජී එල් පීරිස් නායකත්වය දරන පොදු ජන පක්ෂයේ සාමාජිකයන් ලෙස මහින්ද රාජපක්ෂ සමඟ බැසිල් රාජපක්ෂ විමල් වීරවංශ හා නාමල් රාජපක්ශ පමණක් සාමාජිකයන් ලෙස ඉතුරු වනු ඇතැයි ඒකබද්ධ විපක්ෂ ආරංචි මාර්ග පවසයි. විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණද මේ වන විට සෝදාපාලුවට ලක්වෙමින් තිබේ.

ld add copy

Connet With Us