වාහන පරීක්ෂා කිරීමේදී පුද්ගලයින්ගේ ආත්ම ගරුත්වයට හානි කරන නිලධාරීන්ට විනය ක්‍රියාමාර්ග !

Published in පුවත්
Saturday, 29 May 2021 09:25

රථ වාහන හා පුද්ගලයින් පරීක්ෂා කිරීමේදී සහ නිරෝධායන නීතිය ක්‍රියාත්මක කිරීමේදී මහජනතාව අපහසුතාවයට පත්වන ආකාරයෙන් කටයුතු නොකරන ලෙස සියලු පොලිස් ස්ථාන වෙත චක්‍රලේඛයක් නිකුත් කරමින් පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා උපදෙස් ලබාදී තිබේනවා.

ඇතැම් පොලිස් නිලධාරීන් මහජනතාව අපහසුතාවයට පත්වන ආකාරයට පරිභව කරන දිර්ශන මාධ්‍ය ඔස්සේ දක්නට ලැබෙන බවද ,එබැවින් පුද්ගලයන්ගේ ආත්ම ගරුත්වයට හානියක් වන බවද ඔවුන් සමාජය ඉදිරියේ අපහසු තාවයට පත්වන බවද පෙන්වා දී ඇත.

මේ නිසා පුද්ගලයින් හා වාහන පරීක්ෂා කිරීමේදී වහාම ක්‍රියාත්මන වන පරිදි එවැනි ක්‍රියා අත්හිටුවන ලෙස පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා එම චක්‍රලේඛය මඟින් දන්වා තිබේ.

එවැනි ක්‍රියා වාර්තා වුව හොත් එම නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවද පොලිස්පතිවරයා පෙන්වා දී ඇත.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us