බස්නාහිරින් පිට වැඩිම මරණ ගාල්ලෙන් !

Published in පුවත්
Saturday, 29 May 2021 10:34

කොරෝනා තුන්වැනි රැල්ලේ සිදු වූ මරණවලින් බස්නාහිර පළාතෙන් පසුව පිටපළාත් දිස්ත්‍රික්ක අතරින් වැඩිම මරණ වාර්තා වී ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් බව වාර්තා වේ.

තුන්වැනි රැල්ලේ බලපෑම ආරම්භ වූ අප්‍රේල් 20 න් පසුව පසුගිය බ්‍රහස්පතින්දා (27 වැනිදා) වන විට 706 දෙනකු මියගොස් ඇති අතර ඉන් වැඩිම මරණ කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා විය. එම ප්‍රමාණය 108ක් වන අතර කළුතර 107ත් හා ගම්පහෙන් 71ක් වශයෙන් වාර්තා විය.

කෙසේ වෙතත් බස්නාහිර පළාතෙන් පිට වැඩිම මරණ ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාවම 87කි. පසුගිය 22 වැනිදා පමණක් ගාල්ලෙන් දහඅටදෙනකු මිය ගිය අතර එම සංඛ්‍යාව දිනක් තුළ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව ලෙසද සටහන් විය.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us