එළවලු මිළ ඉහල යන ලකුණු !

Published in පුවත්
Saturday, 29 May 2021 10:42

පැවැති අයහපත් කාලගුණය හා රට තුළ රසායනික පොහොර හිඟ වීම නිසා ඉදිරි සති කිහිපය තුළ උඩරට හා පහත රට එළවළු හිඟයක් සමග මිල ඉහළ යනු ඇති බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුරුම්කරු නාමල් කරුණාරත්න පැවසීය.

පසුගිය දිනවල බලපෑ ‘ටවුටේ’ හා ‘යාස්’ සුළි සුළං තත්ත්වය හේතුවෙන් එළවළු වගා කළ බිම් විශාල වශයෙන් විනාශ වී තිබේ. ඊට අමතරව රසායනික පොහොර හා කෘමිනාශක වෙළෙඳපොළේ නොමැති වීමෙන් බොහොමයක් එළවළු නියමිත ඵලදාව ලබා ගත නොහැකි තත්ත්වයක් උදා වී ඇති බව නාමල් කරුණාරත්න පැවසීය.

‍පසුගිය දිනවල බලපෑ ‘ටවුටේ’ හා ‘යාස්’ සුළි සුළං තත්ත්වය හේතුවෙන් එළවළු වගා කළ බිම් විශාල වශයෙන් විනාශ වී තිබේ. ඊට අමතරව රසායනික පොහොර හා කෘමිනාශක වෙළෙඳපොළේ නොමැති වීමෙන් බොහොමයක් එළවළු නියමිත ඵලදාව ලබා ගත නොහැකි තත්ත්වයක් උදා වී ඇති බව නාමල් කරුණාරත්න පැවසීය.

කාබනික පොහොර වගාවට හඳුන්වාදීම හොඳයි. එය කළමනාකරණය නොකර හිටිඅඩියේ ගත් තීරණයක් නිසා වෙළෙඳපොළේ තිබුණු පොහොර හා කෘෂි රසායනික සඟවා වැඩි මිලකට අලෙවි කිරීම නිසා ගොවීන් දැඩි ගැටලුවකට ලක්වෙලා. එළවළු දින 45ක වැනි කෙටි කාලීන භෝගයක් නිසා පොහොර නිසි වේලාවට නොදැමීමෙන් නියමිත අස්වැන්න ලබා ගන්න බෑ. විශේෂයෙන් උඩරට එළවළුවලට අනිවාර්යයෙන්ම පොහොර හා කෘමිනාශක අවශ්‍ය වෙනවා. ඉදිරියේ දී ඵලදාව අඩු වීමෙන් එළවළු මිල වැඩි වීම වලක්වා ගන්න බැහැ යැයි ද ඔහු සඳහන් කළේය.

-අරුණ

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us