ලසන්ත වික්‍රමතුංග ඝාතනය පිළිබඳ සැක පුද්ගලයින් දෙදෙනෙකුගේ චිත්‍ර පොලීසිය විසින් මාධ්‍යට නිකුත් කර ඔවුන් පිළිබඳ පරීක්ෂණ පැවැත් වීමට ජනතාවගෙන් ආධාර ඉල්ලා ඇත.
ලසන්ත ඝාතනය කෙරෙන්නේ 2009 ජනවාරි 08 වැනිදාය. ඉන් අනතුරුව ගෙවුණු සය වසරක් ම ඔහුගේ ඝාතනය පිළිබඳ පරීක්ෂණ සිදු කෙරුණේ ඕනෑවට එපාවට ය. වෙනෙකක් තබා එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ වරක් ප්‍රශ්න කර සිටියේ "කවුද ලසන්ත කියන්නෙ ? මෙච්චර මිනිස්සු මැරෙද්දි ඇයි එක ලසන්ත කෙනෙක් ගැන ඔච්චර හොයන්නේ" කියා ය.
ශ්‍රී ලංකාවේ වනාන්තර වලින් නීති විරෝධී ලෙස අලි පැටවුන් අල්ලා මුදලට විකිණීමේ ජාවාරම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පැවැත්වෙන පරීක්ෂනවල කකුලෙන් ඇදීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කටයුතු කරමින් සිටින බව අප සංගමයට වාර්තා වී ඇත. මේ හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කරුණු දැක්වීම් අනුව නීති විරෝධී ලෙස පවුද්ගලික භාරකරීත්වයේ රඳවාගෙන සිටින බවට සැක කෙරෙන අලි පැටවුන් දහතුන් දෙනෙකු (13) අත්අඩංගුවට ගැනීමට කොටුව මහේස්ත්රාත්තුමන් විසින් ලබා දුන් නියෝගය පවා ක්‍රියාත්මක කිරීමට නොහැකි තත්වයක් උද්ගතවී තිබේ.
වයඹ පළාත් සභා ඉතිහාසයේ ප්‍රථම වතාවට මාසික සභා වාරය වාර්තා කිරීමට පැමිණි මාධ්‍යවේදීන් සභාවෙන් ඉවත් කර තිබේ.
පළාත් සභා මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් අසත්‍ය වාර්තා මාධ්‍යන්හි පළ වී ඇත්නම් අදාල මන්ත්‍රීවරුන් විසින් කළ යුතුව ඇත්තේ ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමයි. එසේ නොකර සියළුම මාධ්‍යවේදීන් සභාගැබෙන් පිටමං කිරීමෙන් සිදුවන්නේ ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය උල්ලංඝනය කිරීමයි.
'දෑවැද්ද' ඉල්ලීම තහනම් කරන්නැයි බිමල් ආණ්ඩුවෙන් ඉල්ලයි
විවාහයේදී දෑවැදි ලබාගැනීමේ ක්‍රමය නීතියෙන්ම තහනම් කළ යුතු බව ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පවසයි.
සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායකවරයා ද වන ඔහු මේ අදහස් පලකළේ වැලන්ටයින් දිනය නිමෙත්තෙන් සමාජවාදී තරුණ සංගමය විසින් ඊයේ (14) මාතර වෙරළ උද්‍යානයේ ‘එන්න ආදරයේ පාට සොයන්න’ නමින් සංවිධානය කර තිබූ වැඩසටනකට එක්වෙමිනි.
යෝශිතලා ක්‍රීඩා කරන කාලසීමාවේදී ක්‍රීඩා කළේ පවා ක්‍රීඩා නීතීන් හෝ රටේ නීතිය තුට්ටුවකට නොතකමිනි. තරඟයක් පරාජයට පත්වීනම් ඔවුන් කළේ වියරු වැටී ප්‍රේක්ෂකයින්ට පවා පහර දීමය. මිතුරෙකු වෙනුවෙන් පෙනී සිටීම වෙනම දෙයකි. බලයෙන් උමතු වී මූල්‍ය අපරාධ චෝදනාවකට ලක්ව අධිකරණ ක්‍රියාවලියක් හමුවේ පසුවන චූදිතයකු වෙනුවෙන් ක්‍රීඩාපිටියේ විකාර නැටීම වෙනම දෙයකි. එය කාගේ වුවමනාව වෙනුවෙන් කළ දෙයක්ද යන්න පරීක්සණයක් කළ යුතුව ඇත. එමෙන්ම කණ්ඩායමට අයත් නැති යමක් පැලඳ ගෙන සිටියේනම් එය කුමක්දැයි තරඟපිටියට ඒමට ප්‍රථම අදාල ක්‍රීඩකයින්ගෙන් ප්‍රශ්න කිරීමට අදාල බලදාරීන්ට හැකියාව තිබිණි. එය සිදුවූයේද නැත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු පළාත් පාලන නියෝජිතයින් බහුතරය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය පළ කරමින් ප්‍රකාශ නිකුත් කිරීම හේතුවෙන් අර්බුදයකට පත්ව ඇති ශ්‍රීලනිප ය පළාත් පාලන මැතිවරණය සඳහා නැවත නාමයෝජනා කැඳවන්නට තීරණය කර ඇති බව වාර්ථා වේ.
ලෝක බැංකුවේ අවශ්‍යතාවය මත 2011-2030 යන වසර තුළ රටේ භෞතික සංවර්ධනය උදෙසා මේ වනවිට රජය ජාතික භෞතික සැලසුම යනුවෙන් සංවර්ධන සැලැස්මක් සකස් කොට ඇත. මෙම සැළසුම පසුගිය ආණ්ඩුව මගින් ආරම්භ කල අතර කොටස් වශයෙන් යහපාලනය විසින් කරගන යනු ලබයි.
2030 වසර වන විට ලංකාව ලෝකයේ නාවික මධ්‍යස්ථානයක්, ගුවන් මධ්‍යස්ථානයක්, ආර්ථික මධ්‍යස්ථානයක්, බලශක්ති මධ්‍යස්ථානයක් හා අධ්‍යාපන මධ්‍යස්ථානයක් කිරීම සඳහා මෙම සැලසුම් ක්‍රියාත්මක වන අතර පාරිසරික මධ්‍යස්ථානයක් හෝ ගොවිතැන් මධ්‍යස්ථානයක් කරන බවට මෙහි සටහන් නොමැත.