නැව් සමාගමට එරෙහිව නඩු පවරනවා - කාදිනල් හිමි !

Published in පුවත්
Thursday, 03 June 2021 09:16

ගිනිගත් නැවෙන් ධීවරයන්ට සිදුව ඇති හානිය සම්බන්ධයෙන් එම නැව් සමාගමට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන් ඊයේ (02 වැනිදා) ප්‍රකාශ කර සිටියා.

එසේම මේ සඳහා තමන්වහන්සේ නායකත්වය ලබාදෙන බවද ඊට එක්වන ලෙස සියලු ධීවර සංවිධාන වලින් ඉල්ලා සිටින බවද උන්වහන්හේ පැවැසූහ.

නැවෙන් දුමාරයක් එන්න පටන් ගත් මොහොතේදී හෝ එය ගැඹුරු මුහුදට ගෙන යාමට හෝ නැව ප්‍රතික්‍ෂේප කිරීමට රජය ක්‍රියා මාර්ගයක් ගෙන නොතිබුණු බවයි කොළඹ අගරදගුරු නිල නිවසේ පැවැති මාධ්‍ය හමුවකදී කාදිනල් හිමියන් ප්‍රකාශ කළේ.

නැව ගිලාබැස්සුවොත් විශාල විනාශයක් සිදුවී ධීවර ජනතාවට දැඩි හානියක් සිදු වන බවද කී කාදිනල් හිමියෝ ඊට ඉඩ දීමට තමන් කිසිදු සූදානමක් නැතැයි ද කියා සිටියේය.

කොළඹ වරායට ආසන්න මුහුදේ දී ආපදාවට ලක් වූ “එක්ස් - ප්‍රෙස් පර්ල්” නෞකාව ගැඹුරු මුහුදට රැගෙන යාමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවති විශේෂ හමුවේදී තීරණය වීමෙන් අනතුරුව නෞකාව ගැඹුරු මුහුදට ඇදගෙන යාම ඊයේ දිනයේ සිදු කර ඇත.

ගනු ලැබූ තීරණය තාක්ෂණික කරුණු මත පමණක් පදනම් විය යුතු බව සහ දේශපාලන කාරණා ඒ සඳහා අදාළ කර නොගත යුතු බව ජනාධිපතිවරයා සඳහන් එහිදී සදහන් කර ඇත.

මේ අතර ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ පිටුපස කොටසේ ඇති වූ ජල කාන්දුවක් හේතුවෙන් එම නෞකාව මේ වන විට ගිලෙමින් පවතින බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us