සතොස අද සිට විවෘතයි !  

Published in පුවත්
Thursday, 03 June 2021 09:53

දිවයින පුරා පිහිටි සතොස අලෙවි සැල් අද (03) සිට දිනපතා විවෘතව තබන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන නිවේදනය කර තිබෙනවා.

සතොස අත්‍යවශ්‍ය සේවාවක් බවට ගැසට් කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බව අමාත්‍යවරයා පැවසීය.

ඒ අනුව ජංගම වෙළෙඳුන්ට සතොස මගින් අඩු මිලට භාණ්ඩ මිලදී ගෙන අලෙවි කිරීමේ හැකියාව පවතින බවද බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා සදහන් කර ඇත.

සීමාසහිත ලංකා සතොස, සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව, ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව, සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව සහ සමූපකාර සමිති මඟින් ඉටු කරනු ලබන සියලුම ආහාර පාන ද්‍රව්‍ය ඇතුළු ජනතාවගේ අත්‍යවශ්‍ය අනෙකුත් සියලුම පාරිභෝගික ද්‍රව්‍ය සැපයීම, ගබඩා කිරීම, බෙදා හැරීම හා නියාමනය සම්බන්ධයෙන් අවශ්‍යයෙන් කළ යුතු යැයි නියමිත සියළුම සේවා වැඩ හෝ ශ්‍රම යෙදවීම් අත්‍යවශ්‍ය සේවා කාණ්ඩයේ ලා සැලකිය යුතු බවට ප්‍රකාශයට පත් කෙරුණා.

ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට සියළු සතොස අලෙවිසැල්, ගබඩා සංකීර්ණ විවෘතව තැබිය යුතු බවට වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන විසින් ආයතන ප්‍රධානීන් හා නිලධාරීන් වෙත උපදෙස් හා නියෝග ලබා දී ඇති අතර අමාත්‍යතුමාගේ උපදෙස් මත වෙළෙඳ අමාත්‍යාංශය විසින් ඊට අදාළ අනෙකුත් ක්‍රියාමාර්ග ගනු ලැබේ.

-පංචාලි අබේසේකර

bsathi1

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us